ලෝක නායකයන් ශ්‍රායලයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ගාසා තිරයේ මානුෂිය ආධාර බෙදා හරිම් අවහිර කිරීම් හා මිලිටරි මෙහෙයුම තීව්‍ර කිරීමට එරෙහිව එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

මෙම දැනුම්දීමත් සමඟ සමස්ත ගාසා තිරයම සිය පාලනය යටතට ගන්නා බවට නෙතන්යාහු සපථ කර ඇති අතර ඊශ්‍රායල හමුදාව ඛාන් යුනිස් නගරයේ සියලුම ප්‍රදේශය සටන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සිවිල් වැසියන්ට පිටව යන ලෙස නියෝග කර ඇත.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් සිය ගණනක් මියගිය අතර ප්‍රහාර මගින් ගාසා තීරයේ විනාශ වූ රෝහල් ද ඉලක්ක කර ගත් අතර, ගාසා තීරය තුළ යුද්ධයෙන් මියගිය මුළු සංඛ්‍යාව 53,486 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත්, ඉදිරියේදී ඇති විය හැකි සාගතයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් ඉදිරි සති 11ක කාලය තුළ ක් පුරා ගාසා තීරය වටලෑම ලිහිල් කරන බවට නෙතන්යාහු නිවේදනය කර ඇති අතර මේ සමබන්ධයෙන් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු අන්ත දක්ෂිණාංශිකයන්ගේ දැඩි විවේචන වලට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...