*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

ඇමරිකානු ඩොලර් මිලියන 78 ක ණයක් පැහැර හැරීමේ මෝඩකම

ස්වෛරීය ණයක් ගෙවීම පැහැර හැරීම, රටක අනාගත ස්ථායිතාවය සම්බන්ධයෙන් බරපතළ තත්වයක් පිළිබිඹු කරයි. එනිසා, ශ්‍රී ලංකා මහබැංකුව ඩොලර් මිලියන 78 ක සොච්චම් මුදලක් නොගෙවා පැහැර හරින්නට තීරණය කරන්නේ ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය බවට වන තර්කයක් හුදෙක්ම සාධාරණීකරණය කිරීම සඳහා ය. මෙම කෙටි දුර බැලූ තීරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබේ. ශක්තිමත් ශේෂ පත්‍රයක් තිබෙන සමාගම් පවා වාරික සමග ප්‍රාග්ධනය එකතු කරගැනීමට මේ වන විට අරගල කරමින් සිටියි. වත්මන් මහබැංකු අධිපතිවරයා බැංකුකරණයේදී වෙළඳපොළ හැසිරීම සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති තාක්ෂණවේදියෙකි. සමහරවිට මෙතරම් දුර නොදකින තීරණයක් ගැනීමට හේතුව එය විය හැකිය. මහබැංකු අධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන් හෝ ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලපෑමට හසු වූවා විය හැකිය. එසේත් නැතිනම් රැල්ල එන පැත්තට ගසාගෙන ගියා විය හැකිය. ශ්‍රී ලංකා මහබැංකුව දැනුම්වත් සහ වෘත්තීමය භාවයෙන් යුතු තීරණ ගත යුතු ආයතනයකි.

අද වන විට මේ රටේ විශ්වාසනීයත්වය ඉතා දීර්ඝ කාලයක් සඳහා අහිමි වී තිබේ. තවද “A” සහ “B” ශ්‍රේණිගත කිරීම් සහිත ආයෝජකයන් දීර්ඝ කාලයකට මේ රටෙන් ඈත් වී සිටිනු ඇත. පැවැත්ම වෙනුවෙන් අරගල කරන රටේ බැංකු පද්ධතිය ඉතා දැඩි පීඩනයකට හසු වී ණයවර ලිපි විවෘත කිරීමේදීත් විදේශ විනිමය ගනුදෙනු කිරීමේදීත් අභියෝග ගණනාවකට මුහුණ දෙනු ඇත. දේශීය බැංකුවලට පැමිණීමට නියමිත ව තිබූ විදේශ විනිමය ණය සහ ආයෝජන නතර වීම හෝ කල් දැමීම සිදුවනු ඇත. අන්තර්ජාතික බැංකු සිය ණය ලබාදීම් නැවත කැඳවනු ඇති. විදේශ විනිමය යටිතල පහසුකම්වලින් වැඩි කොටස නතර වේවි.  විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම දැවැන්ත අභියෝගයක් වේවි. කුඩා හා මධ්‍යම පරිමාණ ආනයනය ව්‍යාපාර ඉතා නරක අන්දමින් පහත වැටෙනු ඇති. බාහිර ණය ගෙවීම පැහැර හරින විට ශ්‍රී ලංකාව මෙකී අභියෝගවලට මුහුණ දීමට ඉහළ මට්ටමක උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුය. එසේ කිරීමට අසමත් විම බරපතළ ආර්ථික අර්බුදයකට මග පාදනු ඇත. ණය පැහැර හැරිය යුතු යැයි ආණ්ඩුවට උපදෙස් දුන් අය මේ වන විට අපගේ අන්තර්ජාතික විශ්වාසනීයත්වය නැවත ලබාගැනීම සඳහා exit strategy හෙවත් මේ තත්වයෙන් බැහැර වීමේ උපාය මාර්ගයක් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. මේ ආර්ථික ව්‍යාකූලත්වයේ වගකීම ඔවුන් ගත යුතුය. ස්වෛරීය ණය පැහැර හැරීම බරපතළ ප්‍රතිවිපාක ඇති කරන අතර, එහි ආර්ථිකමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ රටේ ජනතාවට ය. ණය පැහැර හැරීමක්, නීතිපතිවරයාගේ මෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ගේ ද නිසි අනුමැතිය ලබාගත යුතු බරපතළ කාරණයකි. මෙය අනුමත කරන අධිකාරිය සහ මූල්‍ය සම්බන්ධයෙන් අවසාන වගකීම තිබෙන පාර්ලිමේන්තුව, මෙම පැහැර හැරීමට අධිකාරී බලය ලබාදුන්නාද?  ශ්‍රී ලංකා මහබැංකුවේ නව  අධිපතිවරයා ආණ්ඩුවට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන අවසාන තීරණ ලබාදීමෙන් වැළකිය යුතු වන අතර, ණය පැහැර හැරීම තුළින් උද්ගත වූ පවත්නා අර්බුදය ආපස්සට හැරවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මහබැංකුව සර්කස් මඩුවක් බවට පත් කිරීම ඔහු නතර කළ යුතුය.

– ඇඩොල්ෆ් 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan