*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ගෝඨා ගෝ හෝම් ස්ථාවරයේ වෙනසක් නෑ – ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් හරීන් !

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද සිය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවයි.

ඇමති ධුරයක් බාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඔහු සඳහන් කළේ ඇමති ධුරය බාර ගැනීම හදවතට එකඟව ගත් තීරණයක් බවයි. මේ මොහොතේ රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයද එසේ නැතහොත් පවතින අර්බුදයට විසඳුම් සෙවීමද යන්න පිළිබඳව කල්පනා කළයුතු බවත් ඒ අනුව පක්ෂ දේශපාලනය පසෙක තබා රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා දායකත්වය දැක්වීමට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

ඇමති ධුරයක් ලබා ගත්තද සමගි ජන බලවේගය පාවාදීමට කටයුතු නොකරන බවත්, තවදුරටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රටේ පවතින අර්බුද හමුවේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කිරීමටද හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී කටයුතු කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan