බදු වැඩිකිරීමට කලින් දවසේ වාහන 4000ක් ආනයනයට LC විවෘත කරලා ? – නිරෝෂන් මහබැංකුවෙන් තොරතුරු ඉල්ලයි

වාහන ආනයනයේදී රේගු ආනයන බද්ද 50%කින් ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර දිනයේදී මෙරට ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් වාහන 4000ක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කර ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

ඒ අනුව මෙය අභ්‍යන්තර තොරතුරු කාන්දු කිරීම හරහා සිදුකළ දැවැන්ත වංචාවක් බවට චෝදනා කළ ඒ මහතා ඇමරිකානු ඩොලරයක මිල හිටි අඩියේම රුපියල් 10කින් ඉහළ ගියේ මේ නිසා බවත් සඳහන් කළේය.

“ජනාධිපතිතුමා නිකුත් කරනවා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ආනයන සඳහා 50%ක බද්දක්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ජනාධිපතිතුමා 15 වෙනිදා ලිපිය ලියනවා, අතිවිශෙෂ ගැසට් පත්‍රය ගහනවා, මේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකයො දෙන්නෙක් 15 වෙනිදා එක්කෙනෙක් වාහන 3500ක් ආනයනය කරන්න LC ඕපන් කරනවා, තව එක්කෙනෙක් 500ක් ආනයන කරන්න LC ඕපන් කරනවා. 16 වෙනිදා සිට 50%ක බද්දක් තියෙනවා. මම දැන් මහබැංකුවට ආවා තොරතුරු දැනගැනීමේ නිලධාරියා හම්බවෙන්න. නිලධාරියාව හම්බවෙන්න දෙන්නෙ නෑ සිකුරුටි එකෙන්. ඊටපස්සෙ කියනවා මේල් බොක්ස් එකට යන්න කියලා. මේල් බොක්ස් එක හැන්ඩ්ල් කරන්නෙ පිට තුන්වන පාර්ශ්වයක්. දැන් මම දීපු ලිපියේ අත්සන ගහන්න කිව්වාම, අත්සන ගහන්න බයයි ඒ ළමයි. මට බයයි මේ ලිපියටත් අර ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ වෙයිද කියලා. මම ආවෙ ගිය සිකුරාදා මේ රටේ ඩොලරය රුපියල් 323 යි. සඳුදා හවස් වෙනකොට 334 යි. රුපියල් 11කින් ඩොලර් එක නගිනවා කියනකොට අපිට සැක හිතිලා බැලුවාම වාහන 4000 කට LC ඇරලා. ණයවර ලිපි ඇරලා. වාණිජ බැංකු හරහා. කවුද මේ ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් එක, අනුර කුමාර දිසානායක ජනාධිපති අත්සන් කරපු අතිවිශෙෂ ගැසට් පත්‍රයේ නියෝගය කොහොමද මේ කූඨ ව්‍යාපාරිකයො දන්නෙ ? 500 ගෙනාපු එක්කෙනාට සුළං විදුලි බලාගාර හම්බවෙනවා ටෙන්ඩර් නැතිව. මගේ දැනුමෙ හැටියට බිලියන් 40කට වැඩිය LC ඇරියා ගිය සිකුරාදා. ඒ අනුව ඩොලර් එකකට ගෙවිය යුතු මුදල රුපියල් 10කින් වැඩිවුණා. මේවා වංචා නෙවෙයිද ?”

නිරෝෂන් පාදුක්ක මහතා මේ බව පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් භාරදීම සඳහා ඊයේ (19) ශ්‍රී ලංකා මහබැංකුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...