හොඳම බුලට් නැතුවත් හොඳට වෙඩි තියපු විනාඩි තුනක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): තායිලන්තයේ පැවත්වෙන පළමු ආසියානු සහය දිවීමේ සූරතාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම සහභාගි වූ තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.එම තරගයේ පළමු තැන දිනා ගත් ඉන්දියාව විනාඩි 3:14.12 ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව විනාඩි 3:17.00 වාර්තා කරමින් දෙවන තැනට පත් වුණා.


තරුශි කරුණාරත්න ජපානයේ පැවති ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ඇති වූ අසනීප තත්ත්වය නිසා මේ තරගයට ඉදිරිපත් නොවුණු අතර කාලිංග කුමාර ඊට පෙර දින පැවති ජපන් ග්‍රෝන් ප්‍රී තරගය නිමා කර සහය දිවීමේ තරගයට සූදානම් මට්ටමක නොසිටි අතර ඔහු අද පැවත්වෙන පිරිමි මීටර් 400 තරගයට සහභාගි වීමට නියමිතයි.මිශ්‍ර සහය දිවිමේ තරගයට ඒ නිසා කාලිංග සහ තරුශි වෙනුවට පසිදු කොඩිකාර සහ සයුරි ලක්ෂිමා මෙණ්ඩිස් සහභාගි වුණා.එවැනි තත්ත්වයකද වුව ශ්‍රී ලංකාව තරගයේ දෙවන ස්ථානය ලබා ගැනීම කැපී පෙණුන සිඳුවීමක් වූ අතර තරුශිගේ සහ කාලිංගේ දායකත්වය තිබුණේ නම් තරගයේ ස්ථාන පිළිවෙලද වෙනස් විය හැකි බවට ඉඟි පළ කිරීමක් වෙනවා.


ප්‍රධාන ඡායාරූපයේ තරගය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වෙන අතර වමේ සිට පිළිවෙලින් එහි සයුරි මෙණ්ඩිස්,අරුණ දර්ශන,නදීශා රාමනායක සහ පසිඳු කොඩිකාර දැක්වෙනවා.පළමු යෂ්ඨි හුවමාරුව සිඳු වෙද්දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව යෂ්ඨි හුවමාරු වන අවස්ථාවන් හී ශ්‍රී ලංකාව වාර්තා කර තිබෙන කාලයන් ද දක්වා තිබෙනවා.තරගයේ වීඩියෝවට මේ සබඳතාවයෙන් පිවිසිය හැකියි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...