ඉන්දිකට තෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): ජපානයේ කෝබේ හී පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෝන්ප්‍රී සූරතාවලියේ ටී44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.ඉන්දිකට සිය මූලික තරගයේ දැක් වූ දස්කම් මේ තරගයේදී දක්වන්නට හැකි වූයේ නැත.ඔහු සිය මූලික තරගය තත්පර 10.75 න් නිමා කර පළමු තැන දිනා ගත්ත ද,අවසාන තරගයේ දී වාර්තා කළේ තත්පර 10.84 කි.


නුවන් ඉන්දික ගමගේ සිය ඉසව්වේ දක්වා ඇති හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස සැළකෙන්නේ තත්පර 11.63 කි.සිය පෞද්ගලික හොඳම දක්ෂතාවයේ සිට මූලික තරගයේ වාර්තා කළ කාලය අතර කුමන කාලයකින් තරගය නිමා කළ ද,ඔහුට රිදී පදක්කම කරා යා හැකිව තිබුණ ද,අවාසනාවන්ත ලෙස අවසාන තරගයේ දී කාලයේ පසුබෑමක් සිඳු වූ නිසා නුවන් ඉන්දිකට ගෙල පැළද ගන්නට සිදු වූයේ ලෝකඩ පදක්කමක් පමණි.


කෙසේ හෝ කොබේ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ ආරම්භය සටහන් කරමින් පිටියට පිවිසි ඉන්දික,එය ජයග්‍රහණයකින් නිමා කර ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට සමත් වීම අගය කළ යුතුය.මලල ක්‍රිඩා ධාවන තරගයක සෑම විටම හොඳම කාලය අලුත් කරමින් තරග කිරීම බලාපොරොත්තු විය නොහැකි දෙයකි.එහෙත් මේ තරගයේ ඉන්දික ගත කාලය ඔහුගේ හොඳම දවසක් වූයේනම් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමට වැඩි දෙයක් හිමි කර දෙන්නට හැකි දක්ෂතාවයක් ඉන්දික සතුව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...