බල්ලා කණපිට ගැහුවා වගේ අපි රට වෙනස් කරනවා. අපට තුනෙන් දෙකක් මදි, ආසන්න 200ක මහා බලයක් ඕනෑ – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය බලයට පැමිණෙන්නේ මෙරටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් රටේ සම්පූර්ණ පරිවර්තනයක් කිරීම සඳහා බවත් ඒ සඳහා තුනෙන් දෙකක බලයකටත් වඩා වැඩි මහා විශාල බලයක් අවශ්‍ය බවත් එම පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ අනුව තම පක්ෂයට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 200ක් ලබාගත යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

“අපට සජිත් ආවත් එකයි, රනිල් ආවත් එකයි, මහමැතිවරණය තිබ්බත් එකයි. දැන් ජනතාව පෙළගැහිලා ඉවරයි. මෙතෙක් කරලා තියෙන සෑම සමීක්ෂණයක්ම, මෙතෙක් කරලා තියෙන සෑම බුද්ධි අංශ වාර්තාවක්ම කියලා තියෙන්නෙ මොකක්ද ? ඉදිරියෙන්ම තියෙන්නේ අනුර දිසානායක, මාලිමාව කියන එක ප්‍රකාශ කරලා ඉවරයි. ඉතින් ඒ නිසා අපට ඕනෙ මහා බලයක්. දිනන්න නම් දැනට තියෙන ටිකත් ඇති. අපි ජනාධිපතිවරණය දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා. දවසක්වත් තියාගන්නෙ නෑ. එහෙනම් ජනාධිපතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම එනවා මාස තුනක් හතරක් යනකොට මොකක්ද ? මහමැතිවරණයක්. ඒ මහමැතිවරණයෙන් අපි ගන්න ඕනෙ තුනෙන් දෙකකටත් වැඩිය. හරි ? ඔක්කොම 225 නෙ ? 25ක් විතර ඉතුරු කරමු අනිත් අයට. පවිත්‍රාට … නේද ? ඔය කීපදෙනෙක්ට 25ක් විතර ඉතුරු කරමු. ඒත් වැඩිද ? නෑ, අපි 200ක් ගමු, ඒ ඇති. 200ක් විතර ගමු. අරගෙන මේ පරිවර්තනය කරගන්න ඕනෙ. ඒසා විශාල බලයක් ඕනෙ, මොකද අපි යන්නෙ සම්පූර්ණ පරිවර්තනයක් කරන්න. ඕගොල්ලො අහලා ඇති ගමේ කියනමක් තියෙනවා, ලොකු පරිවර්තනයක් කරනකොට කියනවා නිකම් බල්ලා කණපිට ගැහුවා වගේ වෙනස් කරන්න ඕනෙ කියලා. බල්ලා කණපිට ගහන හැටි දන්නවාද ? ඕගොල්ලො හමුදාවෙ හිටපු කට්ටිය දන්නෙ නැත්නම් අපිද දන්නෙ ? බල්ලා කණපිට ගහන්නෙ බල්ලාගෙ කට ඇතුළෙන් අත දානවා, අත දාලා ඔහොම ඔහොම අත ගෙනියනවා, ගෙනිහිල්ලා ගෙනිහිල්ලා පිටිපස්සෙන් අත එළියට දානවා, දාලා අල්ලාගන්නවා වලිගෙන්, අල්ලාගෙන ඇතුළෙන් අරගෙන එනවා වලිගෙ මේ පැත්තට. එතකොට මුළුමනින්ම මොකක්ද ? සම්පූර්ණ පරිවර්තනයක්”

කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...