බන්ධනාගාර නියාමකයින්ට විනය පරීක්ෂණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): ලෙඩ නිවාඩු දමා බන්ධනාගාර නියාමකයින් පිරිසක් සේවයට නොපැමිණීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාඅ සිටී.

ඇතැම් අය ඊයේ දිනයේ අධිකරණ කටයුතුවලින්ද ඉවත්ව සිටි බව බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක මහතා සඳහන් කළේය. ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස ඇති අතර, බන්ධනාගාර නිලධාරී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...