*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බහමාස් කොඩිවිනයේ තරම තායිලන්තයේදී පැහැදිළි වේ

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහය දිවීමේ තරගාවලියේ දී මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට හැකි කාලයක් ඉදිරිපත් කරන්නට නොහැකි වුව ද,මේ වන විට ඔලිම්පික් සහභාගීත්වය තහවුරු කරගෙන සිටින ඉන්දියාව පරදවා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය.අධික වර්ෂාව මධ්‍යයේ දක්ෂතා ආසියාවේම දක්ෂතා හේදී ගිය තරගාවලියක් බවට පත් වූ මෙම සහය දිවීමේ සැණකෙළියේ වර්ෂාව අභිබවා පැවති තත්ත්වය තුළ හොඳ කාලයක් වාර්තා කරන්නට අවකාශ තිබුණේ නැත.


ඒ නිසා ඒ වර්ෂාව මධ්‍යයේ විනාඩි 3:04.48 ක කාලයක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට සමත් විය.විශේෂයෙන් ආරම්භක මීටර් 400 දී මෙන්ම අවසාන මීටර් 400 දී ද ඉන්දියාව අභිබවා සිටි පිළිවෙලින් අරුණ දර්ශන සහ කාලිංග කුමාර මෙන්ම දිනුක දේශාන සහ පසිඳු කොඩිකාර ද ජයග්‍රහණය සඳහා අවශ්‍යය පාලනය ගිලිහෙන්නට නොදී රැක ගැනීම කැපී පෙණින.


බහමාස් ලෝක සහය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවට කල් ඇතුව වීසා ලබා ගැනීමට බලධාරීන් කටයුතු නොකළ බැවින් මේ තත්ත්වය උද්ගත විය. ඒ සියල්ල අවසාන මොහොතේ දී කාලිංග කුමාරට ඇති වූ සුළු උණ රෝගය නිසා සීතල කරගෙන ක්‍රීඩකයන්ගේ නොහැකියාව මත තරගාවලිය මඟ හැරෙන බවක් පෙන්වා බලධාරීන් ලෝකයට වෙනස්ම පිංතූරයක් පෙන්වන්නට කටයුතු කළහ.ක්‍රීඩා අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් සිඳු වූ දේ ගැන සියල්ල දැන සිටිය ද,රටකට ඔලිම්පික් නියෝජනයක් කිරීමට තිබුණු අවස්ථාව නොසැලකිළිමත් පමාවකින් මඟ හැරීම ගැන කිසිඳු පියවරක් ගන්නා බවත් පෙනෙන්නට නැත.රටක් හැටියට ඔලිම්පික් නියෝජනයට ක්‍රීඩකයෙක් වෙනුවෙන් කරන කැපවීම් කොපමණ විශාල ද යන්න ලෝකයෙන් උදාහරණ ලැබුණත්,ශ්‍රී ලංකාවේ පළමු තැන නිලධාරීන්ගේ ආරක්ෂාව සහ පැවත්ම වෙනුවෙන් සළකා බලන නිසා ඕනෑම දක්ෂයෙකුට වරදක් කිරීමට ක්‍රීඩා බලධාරියෙකුට අවස්ථාව ඇත.


කාන්තා මීටර් 400 සහය තරගයේ දී පදක්කමකට යාමට ඉඩක් ශ්‍රී ලංකාවට නොලැබිණි.දකුණු ආසියානු පදක්කම්ලාභි කෙටි ධාවන සූරි රුමේශිකා රත්නායක මේ තරගයේ දි පළමු වරට මීටර් 400 නියෝජනය කිරීම කැපී පෙණෙන සිදුවීමක් විය.එය අලුත් බලාපොරොත්තු ඇති කිරීමක් වන අතර නදීශා රාමනායකට මේ තරගයේදී තරුශි කරුණාරත්නගේ සහයද ලැබී තිබුණානම් එහි ලබා ගත් සිව්වන තැන අඩුම තරමේ තෙවන තැන දක්වා හෝ ගෙන ඒමට ඉඩ තිබිණි.


එම තරගයට නදීශා සහ රුමේශිකා සමඟ සයුරි මෙණ්ඩිස් මෙන්ම නිශේන්ද්‍රා සිල්වා ද එක් වූහ.තරගය නිමා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට විනාඩි 3:36.56 ක් ගත විය.

කාන්තා තරගයේ අවසන් ප්‍රතිපලය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan