නිශ්මං රණසිංහ මැයි 21, කොළඹ LNW:
මැයි 27 සිට 31 වන දා දක්වා දකුණු කොරියාවේ ගුමී කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහභාගි කරවීමට තීරණය වී තිබෙනවා.තරගාවලිය ආසන්නයේ තම සංගමය විසින් තෝරා ගත් බවට මාස කිහිපයකට පෙර දැණුම් දුන් මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව තේරීම් කමිටුව විසින් නුසුදුසු බවට යෝජනා කළ බව මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශයට දැණුම් දීමෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයෙකු අප අමතමින් ප්‍රකාශ කළේ එය තේරුම් කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් බවයි.
කවුරුන් විසින් එම තීරණය ගත්ත ද,ඊට ආසන්න හේතුව ලෙස ගත හැකි කරුණ වන්නේ මෑත පැවති ජාත්‍යන්තර සහය දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා මීටර් 100 කණ්ඩායම මද පසුබැස්මක් දැක්වීමයි.එයට ශ්‍රී ලංකාවේ අංක එකේ කෙටි දුර ධාවන සූරයා වන යුපුන් අබේකෝන් ඔහුගේ හොඳම දක්ෂතා අතරට පැමිණ නොතිබීම ද විශාල හේතුවක් වුණා.ඔහුට වඩා හොඳ කාලයක් චමත් යෝධසිංහ වාර්තා කරනු ලැබුවා.
තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව ධාවනය කර ඇති යුපුන් නිසි දක්ෂතා අතරට පැමිණීම මෙන්ම යෝධසිංහගේ දක්ෂතාවය ද,දෙනෙත් සහ මෙරෝන් වැනි තරුණ ක්‍රීඩකයන්ගේ උනන්දුව සහ හැකියාව ද අනුව මේ සහය දිවීමේ කණ්ඩායම සංචාරයට එක් කිරීම වැදගත් බව තේරුම් ගත යුතුව තිබුණත් මලල ක්‍රීඩා සංගම් නියෝජිතයා පවසනාකාරයට මලල ක්‍රීඩා තේරීම් කමිටුව එය තාක්ෂණිකව කියවා නොගැනීම අවාසනාවන්ත සිඳුවීමක්.
මේ සහය දිවීමේ කණ්ඩායමේ සහභාගීත්වය නවතාලීම සාධාරණය කිරීමට විවිධ කට කතා තටු ගසා කේෂ්ත්‍රය තුළ පියඹා හැරීමටත් ඇතැම් අය කටයුතු කර තිබුණා.ඒ අතර යුපුන් නොපැමිණෙන බව සඳහන් කිරීමත් එක් හේතුවක් වුණා.ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේ දී ජාතික තේරීම් කමිටුව සහ මලල ක්‍රීඩා තේරීම් කමිටුවත්,එහි නියෝජිතයනුත් හමු වූ අවස්ථාවේ එම සහය දිවීමේ කණ්ඩායමේ යුපුන් නොවන ක්‍රීඩකයෙකුගේ අධ්‍යාපන අවශ්‍යයතාවක් මත ඔහු සහභාගි නොවීම නිසා අන් ක්‍රීඩකයන් ද වැළක්වීමේ උත්සාහයක් ක්‍රියාත්මක වූ බවද යම් ආකාරයකින් පිළිගැනීමකට ලක් වුණා.එම ක්‍රීඩකයා එවැනි ඉල්ලීමක් කර නැති නමුත් ඔහුට සම්බන්ධ විවිධ පාර්ශව මඟින් එල් වූ බලපෑම් මත සිඳු වී ඇති බවත් එහිදී දැන ගන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම දක්ෂතා දැක් වූ අවදියේදී ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට තිබුණු විශාල ජයග්‍රහන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැරදි අන්දමින් මෙහෙයවීමට පුහුණුකරුවන් කරන ලද කාර්යයන් ද,ඇතැම් ක්‍රීඩකයින් එවැනි දක්ෂයන් එකතු වීමෙන් තමන්ට රට නියෝජනයට ඇති අවස්ථා අහිමි වන නිසා ඉතා සූක්ෂම ලෙස දක්ෂයන් අතර විරසකයන් නිර්මාණය කිරීමට පියවර ගැනීම ද හේතු වුණා.අලුත් පරම්පරාව මේ ඉතිහාසය දැන ඉගෙනීම ඔවුන්ට පමණක් නොවේ,රටටත් වැදගත් වෙනවා.
කෙසේ හෝ ගුමී දක්වා ගවන් ගත වෙන මීටර් 100 පිරිමි සහය කණ්ඩායම ඇතුළු සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වෙනවා.
තරගාවලිය පැවත්වෙන ගුමී තාක්ෂණික නගරයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රචලිත Samsung Electronics, LG Electronics, LG Display විදුලි උපකරණ නිෂ්පාදනය වන නගරයක් ලෙස මෙය ප්‍රචලිතයි.ඒ නිසා මේ සංචාරය බොහෝ පරිස්සම් සහගත රැකියා බහුල නගරයක සිඳුවන සංචාරයක් බවට ද පත් වෙනවා.

