කළුතර ඉහළම ඇගයුම් ලහිරුට සහ එරන්දි ට

Date:

නිශ්මං රණසිංහ මැයි 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල ත්‍යාග ප්‍රධානෝත්සවයන් අතර කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවය වාද්දුව සැෆ්රන් බීච් හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් පානදුර ශ්‍රී සුමංගල විදුහලේ විශ්ව ළහිරු ද ක්‍රීඩිකාව ලෙසින් වාද්දුව මැදි මහ විදුහලේ එරන්දි හංසමාලිද සම්මාන දිනාගත්හ. මීට අමතරව පළාත තුළ දක්ෂතා දක්වන ලද අවු. 13 න් පහළ. 15 න් පහළ සහ අවු. 17 න් පහළ වයස් කාණ්ඩවල දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ටද වයස අවු. 19 න් පහළ වයස් කාණ්ඩයේ බාලක සහ බාළිකා අංශයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සම්මාන පිරිනැමිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගිවුණු මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, එහි ලේකම් බන්දුල දිසානායක සහ ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන අයද එක්ව සිටියහ.මෙහිදී එම දිස්ත්‍රික්කය තුළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමකට අමතරව ජාතික කණ්ඩායම් නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද විශේෂ සම්මාන පිරිනැමීමට පියවර ගෙන තිබිණ. මීට අමතරව 2024 වසරේදී වයස අවුරුදු 19 න් පහළ පාසල් තරග වාරයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන්ද මෙහිදී කුසලාන පිරිනැමීමට පියවර ගන්නා ලදී.
සම්මාන ලාභීහු පහතින් දැක්වේ.
අවු. 19 න් පහළ දෙවැනි පෙළ සම ශූරතාව – පානදුර ශ්‍රී සුමංගල විදුහල / තිස්ස මැදි මහ විදුහල
අවු. 19 න් පහළ දෙවැනි පෙළ ටියර් බී කොටසේ අනුශූරතාව – පානදුර රාජකීය විදුහල
අවු. 17 න් පහළ තෙවැනි පෙළ ශූරතාව – ශ්‍රී පාලී විද්‍යාලය – හොරණ
අවු. 13 න් පහළ දෙවැනි පෙළ අනුශූරතාව – මතුගම ආනන්ද ශාස්ත්‍රාල විදුහල
අවු. 19 න් පහළ තෙවැනි කොටසේ ටියර් ඒ කොටස – රාජකීය විදුහල – හොරණ
අවු. 19 න් පහළ දෙවැනි කොටසේ සීමිත පන්දුවාර සම ශූරතාව – ශානත ජෝන් විදුහල – පානදුර
අවු. 19 න් පහළ දෙවැනි කොටසේ ශූරතාව – මේධංකර මහ විදුහල
අවු. 19 න් පහළ දෙවැනි කොටසේ තෙවැනි ස්ථානය – මිහිඳු මහ විදුහල
ජාතික නියෝජනය (කනිෂ්ඨ)
විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල විදුහල – පානදුර අවු. 19 න් පහළ ලෝක කුසලානය)
හයිවින් කෙනුල (සිරිකුරුස විදුහල – කලුතර – අවු. 19 න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය)
චලන දිනෙත් (රාජකීය විදුහල – අවු. 17 න් පහළ ජාතික කණ්ඩායම සහ බංග්ලාදේශ අවු. 17 න් පහළ අතර තරගාවලිය)
එරන්දි හංසමාලි වර්ණකුලසූරිය (වාද්දුව මැදි මහ විදුහල – වයස අවුරුදු 19න් පහළ ඕස්ට්‍රේලියානු තරග සංචාරය)
සුපිරි පළාත් නියෝජනය
අවු. 19 න් පහළ
යෝෂිත කවිෂාන් (තක්ෂිලා විදුහල – හොරණ)
රසික දිල්ෂාන් (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
දෙනෙත් පීරිස් (ශාන්ත ජෝන් විදුහල – පානදුර)
හිරුෂ ප්‍රනාන්දු (සිරිකුරුස විදුහල – කලුතර)
අවු. 17 න් පහළ
රුසිත් ජයවර්ධන (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
අවු. 15 න් පහළ
සබෝධ දෙව්තිලින – (සිරිකුරුස විදුහල – කලුතර)
මෙතුම් ප්‍රනාන්දු (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
සමිතු හෙන්සර – (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
තාරුක සමින්ජිත් (තිස්ස මැදි මහ විදුහල – පානදුර)
දිනෙත් නියුමාල් (වද්දුව මැදි මහ විදුහල)
පාසල් ක්‍රිකට් තරගාවලියේ විශේෂ සම්මාන
අවු. 19 න් පහළ (දෙදින) දෙවැනි කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා – මලිඳු දිල්ෂාන් (තිස්ස මැදි මහ විදුහල)
අවු. 19 න් පහළ (දෙදින) දෙවැනි කාණ්ඩයේ දක්ෂතම පිතිකරු – කවීෂ පෙරේරා (පානදුර රාජකීය විදුහල)
අවු. 19 න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – ගීත්ම ප්‍රනාන්දු (ශාන්ත ජෝන් විදුහල)
අවු. 19 න් පහළ දෙවැනි පෙළ තරගාවලියේ දක්ෂත පිතිකරුවා – දෙනෙත් පීරිස් (ශාන්ත ජෝන් විදුහල)
අවු. 19 න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ටියර් බී (දෙදින) තරගාවලියේ දක්තම පන්දු රකින්නා – චමෝද් ප්‍රසන්න (සිරිකුරුස විදුහල – කලුතර)
අවු. 17 න් පහළ තෙවැනි පෙළ දක්ෂතම පන්දු යවන්නා – ෂෙහාන් දෙමන්ත (ශ්‍රී පාලී විද්‍යාලය – හොරණ)
අවු. 19 න් පහළ තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයා – මිහිඳු උෂාන් (රාජකීය විද්‍යාලය හොරණ)
අවු. 19 න් පහළ අන්තර් පාසල් දෙවැනි පෙළ බාළිකා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙතුමිණි හේෂාර ගුණසිංහ (මේධංකර ම.වි. – හොරණ)
අවුද 19 න් පහළ අන්තර් පාසල් දෙවැනි පෙළ බාළිකා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – සෙනුකි හසින්දි (මේධංකර ම.වි. හොරණ)
අවු. 19 න් පහළ අන්තර් පාසල් දෙවැනි පෙළ බාළිකා තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය – දිනිදි දන්දිලා පස්ගම්මන (මේධංකර ම.වි. – හොරණ)
2024 වසරේ දක්ෂතම ක්‍රීඩකයා – විශ්ව ළහිරු (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
2024 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – එරන්දි හංසමාලි (වාද්දුව මැදි මහ විදුහල)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...