නාමල්ගේ නඩුවකට දින!

Date:

රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ LNW :

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 වක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ බව පැවසේ.

අද (21) මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ වාර්තා වේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ඇතැම් ලේඛන අද දින විවෘත අධිකරණයේ ලබාදෙන බව පැවසු බව වාර්තා වේ.

සමහර ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක් කර ලබාදිය යුතු බවත් ඊට අමතරව විත්තිය ඉල්ලා සිටින තවත් ලේඛන සමහරක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල විසින් සියලු ලේඛන ලබාදීමෙන් අනතුරුව විත්තියේ ස්ථාවරය අධිකරණයට දැනුම්දෙන බව සඳහන් කළ බව පැවසේ.

ඒ අනුව නඩුව නැවත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වන දා කැඳවන ලෙස නියම කළ බව පැවසේ. 

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...