පාකිස්තානයේ පාසල් බස් රථයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පාසල් දරුවන්ද ඇතුළුව 6දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ නිරිත දිග බලුකිස්තාන් පළාතේ කුස්ඩාර් දිස්ත්‍රික්කයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදු වූ පිපිරීමක් හේතුවෙන් දරුවන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව, 38 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තුවාල කරුවන්ගේ තත්වය බරපතල බවත් වාර්තා වේ.

බස් රථයේ පාසල් දරුවන් 46 දෙනෙකු ගමන්ගෙන ඇති අතර ප්‍රහාරයෙන් ළමුන් හතර දෙනෙකු, බස් රථ රියදුරු සහ ඔහුගේ සහායකයා මිය ගිය බව බලුකිස්තාන් මහ ඇමති සර්ෆ්‍රාස් බුග්ටි ප්‍රකාශ කර ඇත.

ඛනිජ සහ ස්වාභාවික සම්පත් වලින් පොහොසත් බලුකිස්තාන පළාත, රජය සහ පකිස්තානයෙන් වෙන්වීම ඉල්ලා සිටින වාර්ගික බලුකිස්තාන බෙදුම්වාදීන් අතර දශක ගණනාවක් තිස්සේ පවතින ගැටුමකට නිවහන වී ඇති අතර මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැත.

කෙසේ නමුත්, පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රහාරයෙන් මියගිය පවුල්වලට සිය සංවේගය ප්‍රකශ කර ඇති අතර මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියානු අනුග්‍රහය යටතේ සිදුව ඇති බවට චෝදනා කර ඇත.

පාකිස්ථානයේ චෝදනාවන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කර තිබුණේ, පාකිස්ථානය ත්‍රස්තවාදයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වන බවත්, තමන්ගේම බරපතල අසාර්ථකත්වයන් සැඟවීම සඳහා, පාකිස්තානය එහි සියලු අභ්‍යන්තර ගැටළු සඳහා ඉන්දියාවට දොස් පවරන බවත්, ලෝකය රැවටීමට මෙම උත්සාහය අසාර්ථක වීමට නියමිත බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...