ඉන්දීය ලේඛිකාවක්වන බානු මුෂ්තාක් ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු ලේඛිකාවක්වන බානු මුෂ්තාක් විසින් කරන ලද කෙටිකතා එකතුවක් වෙනුවෙන් ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගෙන ඇති බව වාර්තා වේ.

වසර 30ක් පුරාවට දකුණු ඉන්දියාවේ කාන්තාවන්ගේ එදිනෙදා ජීවිත සහ අරගල විස්තර කරන කෙටිකතා 12 ක එකතුවක් වන “Heart Lamp” සඳහා මෙම ත්‍යාගය හිමිවී ඇත.

කෙටිකතා එකතුවකට මෙම සම්මානය පිරිනමන ලද පළමු අවස්ථාව මෙය වන අතර නීතිඥයෙකු සහ ක්‍රියාකාරිනියක් මෙන්ම ලේඛිකාවක් ද වන මුෂ්තාක් ඉන්දියාවේ බුකර් සම්මානය දිනාගනු ලැබූ හයවන රචිකාවිය ද වේ.

මුෂ්තාක්ගේ ක්රුතු කන්නඩ භාෂාවෙන් ලියා ඇති අතර එය දීපා භාස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. ඒ අනුව, බුකර් ත්‍යාගය වන පවුම් 50,000 (ඩොලර් 66,000) ක ත්‍යාග මුදල කතුවරයා සහ පරිවර්තකයා අතර සමානව බෙදී යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...