Friday, March 31, 2023
spot_img

Latest Posts

සජිත් ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් හමුවී මෙරට ආහාර අර්බුදය ගැන සාකච්ඡා කරයි

ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan), එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා බෙරාර්ඩෝ ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (19) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

වර්තමානයේ දී මුහුණ දී සිටින ආහාර ගැටලුව සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර පරිභෝජනයට ගන්නා ආහාර නිෂ්පාදනයේ පටන් පරිභෝජනය දක්වා කිසිම ආකාරයක විෂ වීමක් හෝ ආසාදනයකින් තොරව පිරිසිදුව, විෂබීජවලින් තොරව පවත්වා ගැනීම, යනාදී කරුණු ද ඇතුළත්ව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණි. විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආහාර අර්බූදය පිළිබඳව ද එහිදී අවධානයට ගනු ලැබීය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.