හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයත් අහෝසියි!

0
1516

හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය ද අහෝසි වී තිබේ.

රට තුළ පැවති තත්ත්වය මත ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය 06 වැනිදා හදිසි නීතිය පැනවූ අතර ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයට කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පත් කෙරුණි.

හදිසි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා එය පැනවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු වුවත් එලෙස සිදු නොවුණු හෙයින් දින 14ක කාලයක් තුළ ඉබේම එය අහෝසි වී යනු ලබයි .

ඒ අනුව ඊයේ දිනයෙන් හදිසි නීතිය ස්වාභාවිකම අහෝසි වී ගිය අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය ද ඒ අනුවම අහෝසි වී ඇත.

ASK