සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදී නිපොන් පදනමේ සභාපති හමුවෙයි.

රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ LNW :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ නිපෝන් පදනමේ (The Nippon Foundation) සභාපති යෝහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡාවක නිරත විය.නිපොන් පදනම විසින් අරමුදල් යොදවා මෙරට ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති පිළිබඳවත්, රෝහල් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව සිදු කරන ලදි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආබාධිත ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා දායක වීම සහ මෙරට සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවයක් වන ග්‍රාමීය දරිද්‍රතාවයට පිළියම් යෙදීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් සහ ක්‍රමවේදයන් පිළිබදව ද විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීම ද විශේෂත්වයකි.නිපෝන් පදනම (The Nippon Foundation) යනු සමාජ සුබසාධනය, ගෝලීය සාගර සංරක්ෂණය සහ මානුෂීය ආධාර වෙනුවෙන් ක්‍රියාකරන ජපානයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික පදනමකි.

ලාදුරු රෝගය තුරන් කිරීම, ආබාධිත ප්‍රජාවට සහය වීම, ගෝලීය අධ්‍යාපන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආදී මානුෂීය සහ සමාජ සුබසාධන සේවා නිපෝන් පදනම විසින් ක්‍රියාවට නංවනු ලබයි.මෙම සාකච්ජාමය අවස්ථාව සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම නිපෝන් පදනමේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...