*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

අපි ටීම් එකක් විදිහට පරදින්න නෙමෙයි ගහන්නෙ – ශ්‍රී ලංකා වොලිබොල් නායිකා තිළිණි වාසනා පෙරේරා

මේ මොහොතේ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ වසර දෙකකට පසුව ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනය කරන්නට නේපාලයට පැමිණ සිටිති.වසර දෙකකට පෙර කරදිය වළල්ලෙන් පය තබන මේ ක්‍රීඩිකාවන්ට ආසියාව ජයගන්න එන්න කියා අපනම් බල කරන්නේ නැත.මන්ද ජාත්‍යන්තර අත්දැකීම් වසර දෙකක් තිස්සේ නොලැබීම සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් නැත.ඔවුන් වෙනුවෙන් එම කටයුත්ත සිඳු වී නැත.නමුත් ඔවුන්ට සංචාර සංවිධානය කරගෙන ගිහිං රටට ක්‍රීඩා කර එන්න වත්කමක් නැති වපසරියක,අහම්බෙන් ලැබෙන අවස්ථාවක ක්‍රීඩා කරන්නට ගිය විට එහි අපහසුතාවයට මුහුණ දෙන්නේ ඔවුන්ය.අපහාස උපහාස විඳින්නේ ඔවුන්ය.ඔවුන්ට හරි ඉඩ නොලැබීම ගැන කිසිවෙක් නොකියනු ඇත.නමුත් හඩ නඟා පැරුදුණ විට මේ කෙල්ලන් රංචුවට බනිනු ඇත.ඒ ජයග්‍රහණයට පැණි මුලකට ඇඹලයන් එකතුවන සේ පිරෙන්නට අය සිටිය ද පරාජයේ තිත්තට එසේ රොඳ නොබැදීම ස්වභාවික බැව්න්ය.
එ නිසා මේ වන විට නේපාලයෙනුත් පහළින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හඬ නඟා බනින්නට නොව ඔවුන්ගේ හඬ අසනු පිණිස ශ්‍රී ලංකා නායිකා තිළිණි වාසනා පෙරේරාගේ හඬට ඉඩ දෙන්නට අපි තීරණය කළෙමු.
ආනන්ද වන්නිතිලක ප්‍රමුඛව ගොඩ නැඟූ ආනමුඩව මැදි විදුහල් වොලීබෝල් සංස්කෘතියේ සාර්ථකත්වයේ සළකුණක් සේ හමුවන වාසනා පවසන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගැනීමට පාසල් මට්ටමෙන් ක්‍රීඩිකාවන් යොමු නොකිරීම විශාල ගැටළුවක් බවය.
‘ජාතික ක්‍රීඩාව තමයි.ඒ වුණාට ඉතිං විශේෂයෙන් වොලිබෝල් කිව්වම හොද ජීවිතයක් ගත කරන්න පුළුවන්ද බැරි ද කියලා හිතෙනවනෙ.ඒ නිසා ඉතිං ගෙවල් වුණත් දරුවෙක්ට වොලිබෝල්වලට යන්නට උනන්දු කරන්නෙ නැහැ.හැබැයි පාසල්වල තත්ත්වයනම් ඊට වෙනස්.පාසලේ ගහනවා ජාතික කණ්ඩායමේ ගහන්න එවන්නෙ නැහැ.හු ක් මේ තත්ත්වය දකින්න තියෙනවා.අඩු වයසින් දක්ෂතා දක්වලා ජාත්‍යන්තර අත්දැකීම් එක්ක වර්ධනය වෙන්න තියෙන ඉඩ තමයි මේ අය වළක්වන්නෙ’
වාසනා අවාසනාවේ හැටි පැහැදිළි කළාය.
එක දිගට පාසලක වොලිබෝල් දිනලා ආයෙ නැත්තටම නැති වෙන තැන් ගැන ද අපි වාසනාගෙන් ඇසුවෙමු.
‘ඒකත් අවාසනාවන්ත තත්ත්වයක්.එහෙම පාසලකට පාසලට ජයග්‍රහණ ගේන පුහුණුකරුවෙක් මාරු වුණොත් හරි විශ්‍රාම ගියොත් හරි වොලිබෝල්වලට දක්ෂ කෙනෙක්ම එතැනට එවන්න ඕනි.දැන් මගෙ ස්කෝලෙ ආණමඩුවත් නැති වෙලා වගෙ තිබිලා අලුතින් ආයෙ පිබිදීමක් පෙන්වනවා.ටීම් එකට අලුතින් ස්කෝලෙ නංගි කෙනෙකුත් ඇවිත් ඉන්නවා.’


තරගාවලියට සූදානම් වීමට තිබුණු සීමිත කාලය ප්‍රමාණවත් නොවුණත් ඒ කාලය තුළ පුහුණුකරු නැවුම් වෙනස්කම් රැසක් සමඟ පුහුණුවීම් කළ බව වාසනා පවසන්නේය.


‘නේපාලෙ අපිට ගහපු වෙලාවෙ හිටපු නැති අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් තුනක් ආපහු කණ්ඩායමට ඇවිත් ඉන්නවා.ඒ අත්දැකීම් හරි වැදගත්.ඒ අත්දැකීම් අලුත් අයගෙ දක්ෂතා එකතු කරලා වෙනස් සහ ඉක්මණ් පුහුණුවක් අපි ලැබුවා.’
වාසනා පවසන්නීය.එසේම ඇය පෙන්වා දෙන්නේ බොහෝ විට කණ්ඩායමක් තමන්ගේ දක්ෂතාවයන්ට අසාධාරණයක් කර ගන්නේ නිවැරදිව පන්දුව පිරි නොනැමීමෙන් බව වාසානා පිළිගන්නීය.
‘අපි සෑහෙන වාර ගාණක් පන්දුව ස්ර්විස් කරලා, ස්ර්විස් කරන එකේ හොද තැනක ඉන්නවා.’
වාසනා සමඟ නේපාලයට පරාජය වූ කතාව ගැන ඇසුවද නේපාල කාන්තා ක්‍රීඩිකාවන් සිටින්නේ මේ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ නොවේය.
‘අපිට දෙවන වටයට යන්න පුළුවන්.ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.නේපාලයත් දෙවන වටයට ආවොත් හම්බ වෙයි.එහෙම ආවොත් ඒ අයට මේ වන විට අපි වෙනස් වී ඇති බව දැනෙයි.මං කියන්නෙ නැහැ අපි ඔක්කොටම ගහනවා,ගහලා කප් එක ගේනවා කියලා.මතුපිට තත්ත්වය සළකල බැලුවම ඒක තර්කයක් නැති කතාවක්.හැබැයි අපි ටීම් එකක් විදිහට පරදින්න නෙමෙයි ගහන්නෙ.අපි අපේ උපරිමයම හැම තරගයටම දෙනවා.ඒ උපරිමයෙන් ක්‍රීඩා කිරීම සහ කැපවීමේ බෝනස් එක ජයග්‍රහණය වෙන්න බැරි නැහැ.’
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සූදානම අපට දකින්නට වෙන්නේ තරගාවලිය ඇරඹුණාට පසුවය.එතෙක් කිසිවක් කිව නොහැකිය.වාසනා කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවක්ම මේ දින කිහිපයේ පුහුණුව සඳහා කරපු කැපවීම ගැනත්,පුහුණුකරු චාල්ස් තිලකරත්න,සහය පුහුණුකාරි චන්දිමා අකරවිට මෙන්ම සම්භාහක තුෂාර පෙරේරා කරන සේවයත් ද පෞද්ගලිකව ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ තමන්ට ලැබෙන පහසුකම් සහ ආරක්ෂාව ගැනත් වාසනා සිහිපත් කරන්නේ කෘතවේදීවය.
‘කෝච් කියන්නෙ ක්‍රීඩකයාට වඩා හොද දැණුම් පද්ධතියක් සහිත කෙනෙක්.මම ජාත්‍යන්තර වශයෙන් ඒ ගැන විය යුතු හැදෑරම් කිරීමෙන් ලබාගත් දැණුම පරික්ෂාකාරීව මෙහෙයවන්න මේ අවස්ථාව වෙනුවෙන් හොඳටම කැප වුණා.’

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම


වාසනාගේ අදහස් තව දුරටත් පෝෂණය කරමින් පුහුණුකරු චාල්ස් තිලකරත්න පෙන්වා දෙන්නේය.
සහය පුහුණුකාරි චන්දිමා අකරවිට වගෙම තුෂාර පෙරේරාගේ අභ්‍යාසක භුමිකාවත් කණ්ඩායම සමඟ වැඩ කරද්දි වැදගත් වුණා.අපි කණ්ඩායමක් හැටියට මේ කෙටි කාලය ඇතුළත කරපු දේවල් තරගය ඇතුළෙ කොහොමද කරන්නෙ කියන දේ මතයි අවසානය තීරණය වෙන්නෙ.හොඳ මට්ටමක ඉන්න හොඳ කණ්ඩායමක් කියන්න පුළුවන්.ඒත් කාලයකට පස්සෙ මේ වගෙ තරග අත්දැකීමකට මුහුණ දෙද්දි කොහෙම වෙයිද කියන්න බලාගෙන ඉන්න ඕනි.හොඳ දෙයක් කරයි කියන විශ්වාසයෙන් බලා ඉන්නවා.

සහය පුහුණුකාරිනී චන්දිමා,පුහුණුකරු චාල්ස් සහ අභ්‍යාසයක තුෂාර


චාල්ස්ගේ අදහස් දැක්වීමට එකතු වෙමින් වාසනා සහතික කරන්නේ කළහැකි උපරිමය කරන්නට වඩාත් හොඳ ප්‍රතිපලයක් අරං දෙන්නට කණ්ඩායමම සූදානමින් සිටින බවය.අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයෙන් ජය පතමු!සියලු බාධක ජය ගනිමින් තරගාවලියේ ලැබිය හැකි හොඳම ප්‍රතිපලය සඳහා ශක්තිය හා දිරිය ප්‍රාර්ථනා කරමු!

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan