මියගිය ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන ඉහළ මන්ත්‍රීවරියකට වැඩ වරදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ජපානයේ Nippon Ishin no Kai හි  ඉහළ මන්ත්‍රී  Mizuho Umemura පාර්ලිමේන්තු කාරක සභාවකින් නෙරපා හැර ඇති අතර, 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ආගමන මධ්‍යස්ථානයකදී මියයාම සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය විවේචනයේදී එය දුරදිග යෑමෙන්   පසු පක්ෂ නිලධාරීන්ගෙන් මන්ත්‍රීවරිය සමාව අයැද සිට ඇත.

33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නැගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේදී මිය ගියේ තමා අසනීපයෙන් සිටින බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුවය.

විශ්මාගේ කාමරයේ ආරක්ෂිත කැමරාවකින් ලබාගත් වීඩියෝ දර්ශන වලින් පෙනී යන්නේ ඇය නැවත නැවතත් ආගමන විගමන නිලධාරීන්ට රෝහලට ගෙන යන ලෙස ඉල්ලා සිටියත් පලක් නොවී ඇති බවත් , ඒ වනවිට විශ්මා ආහාර ගනිමින් නොසිට ඇති අතර , නමුත් එක් වීඩියෝ පටයක ඇය නිලධාරීන්ට පවසන්නේ තමාට හැකි නම් තමා ආහාර ගන්නා බවත්ය .

නමුත් සාක්ෂි ඉදිරිපත් නොකර මන්ත්‍රී උමේමුරා අවස්ථා තුනකදී ඉහල මන්ත්‍රී මණ්ඩලයට පවසා සිටියේ විෂ්මා ආහාර වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස මිය යන්නට ඇති බවත්, අසනීපයක් හේතුවෙන් මධ්‍යස්ථානයෙන් ඉක්මනින් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් ඇය එසේ කළ බවට යෝජනා කරමිනි. ඇයගේ ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කළ අතර අනෙකුත් පාලක සහ විපක්ෂ නායකයින්ගේ විවේචනයට ලක් වී ඇත .

මන්ත්‍රී උමේමුරා අඟහරුවාදා අධිකරණ කටයුතු කමිටුවකට පිළිගත්තේ එය හුදෙක් සමපේක්ෂනයක් පමණක් බවත්  බ්‍රහස්පතින්දා, Nippon Ishin මහලේකම් Fumitake Fujita නිවේදනය කළේ පක්ෂයේ සියලු අය මන්ත්‍රී උමේමුරාට අධිකරණ කටයුතු කමිටුවෙන් ඉල්ලා අස්වීමට බල කර ඇති බවත් වෙනත් විනය ක්‍රියාමාර්ග ගත හැකි බවත්ය.

“උමේමුරා ඇගේ උපකල්පන මත පදනම් වූ චිත්තවේගීය ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම අතිශයින්ම ගැටළු සහගත සහ නුසුදුසු ය. එබැවින් ඇය පක්‍ෂයේ විධායක කමිටුව ඉදිරියේදී  සමාව අයැදීම කළ යුතු යුතුය ,” ෆුජිටා නැමැත්තිය පවසා ඇත .

2021 අගෝස්තු වාර්තාවකින් ආගමන නිලධාරීන් පිළිගත්තේ විශ්මාගේ තත්වය කෙතරම් බරපතලද යන්න පිළිබඳව නිලධාරීන්ට අවබෝධයක් නොමැති බවයි. ආගමන සේවා නියෝජිත ආයතනයේ ප්‍රධානියා සමාව අයැද සිටි අතර, නගෝයා මධ්‍යස්ථානයේ නිලධාරීන් හතර දෙනෙකුට මේ සම්බන්ධයෙන් දඬුවම් කර ඇත. විශ්මාගේ පවුලේ සාමාජිකයන්  රජයට එරෙහිව නඩු පවරා ඇති අතර වන්දි වශයෙන් පවුම් මිලියන 156ක් ඉල්ලා සිටී.

සබැඳි පුවත් ?

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...