තානාපති මහින්දගේ ඉල්ලීමට වොෂින්ටනය වෙසක් නිළ දිනයක් ලෙස පිළිගනී.වෙසක් නිළ උත්සවය 23 දා ධවල මන්දිරයේදී.

Date:

    අශෝක ජයතුංග වොෂින්ටන් DC

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිළ ලෙස පිළිගන්නා බවට වන නිළ නිවේදනය නිකුත් කිරීමට වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර් මහත්මිය ක්‍රියා කළාය.

ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ  තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ එම පසුබිම ඇතිවීම එරට වෙසෙන මිලියන 03 ක හා මිලි 550ක ලෝක බෞද්ධයන් ලැබූ විශාල ගෞරවයක් ලෙස සැලකේ.

“බුදු තෙමගුල සමරණ එම අති උතුම් වෙසක් දිනය වොෂින්ටන් තුළ නිළ දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස මා ප්‍රකාශයට පත් කරමි” එම නිවේදනයේ සඳහන් ය.

එසේම තානාපති සමරසිංහ මහතා හා සෙසු බෞද්ධ රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීමක් මත ඇමෙරිකානු ජනපති නිළ නිවස ධවල මන්දිරයේදී දෙවන වරටත් මෙම 23 දා වෙසක් නිළ සැමරුම උත්සවය පැවැත්වේ.

නගරාධිපතිනි බවුසර්  හා ප්‍රධාන ලේකම් කිම්බර්ලි බැසෙට් වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ඇන්තනි ඇන්ඩෲස් අදාළ නිල වෙසක් නිවේදනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතාට බාරදුන් අතර එම තානාපති නිළධාරීන්ද ඊට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...