ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

Date:

කොළඹ LNW:ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූයේ ද ප්‍රධාන වශයෙන් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාය.

රජය පවසන්නේ මෙම සැලකිය යුතු පනත් දෙක රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර තිබෙන බවයි.

“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” සැලසුම් කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමටත්, එමඟින් අනාගත ආර්ථික පසුබෑමෙන් ආරක්ෂා වීමටත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර
මෙම පනත් කෙටුම්පත් ගැන පැහැදිලි කරමින් ඔහු පැවසුවේ “ආර්ථික පරිවර්තන නීතිය” අනාගත ආර්ථික කඩාවැටීම් වලක්වාලීමේ අරමුණින් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කරන ලද ව්‍යවස්ථාවට වඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මෙන් නීති සම්පාදනය කරන බව ඔහු කියාසිටියේය.

පසුගිය පසුබෑමෙන් පසු ආර්ථිකයේ මෑත කාලීන ස්ථාවරත්වය මෙම ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...