ආණ්ඩුවෙන් ආපු අයට නාම යෝජනා දෙන්න තවම තීරණයක් නැහැ.මහනුවර ලැයිස්තුවේ නම් ඉඩත් නෑ – කිරිඇල්ල

Date:

කොළඹ LNW:ආණ්ඩු පක්ෂයේ සිට සමඟි ජන සන්ධානයට එක් වූ කිසිවකුට හෝ නාම යෝජනා දෙන බවට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුල්කරන නම් 15 මේ වන විටත් සූදානම් අතර ආසන සංවිධායකවරු 13 හැරුණු කොට රවුෆ් හකීම් සහ වේලු කුමාර් අපේක්ෂක ලයිස්තුවේ සිටින බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

”ආණ්ඩු පක්ෂය වුණු පොහොට්ටුවේ සිට විපක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන් අතර හොඳ අය වගේම අපේ සමඟියට බාධා කරන, කණ්ඩායම් හැඟීමෙන් තොරව කටයුතු කරන පිරිසක් සිටිනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට එකතු වුණේ ඔවුන්ගේ කැමැත්තෙන් මිස අපේ ආරාධනාවකට අනුව නෙමෙයි. ඒ අයට නාම යෝජනා දීමේදී හැසිරීම, විනය, කණ්ඩායම් හැඟීම ආදී කරුණු රැසක් නායකත්වය විසින් සලකා බලනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුව මේ වන විට සම්පූර්ණව තිබෙන නිසා සමඟි ජන සන්ධානයට අලුතින් එක් වූ කිසිවකුටත් මහනුවරින් නාම යෝජනා දීමේ හැකියාවක් නෑ” යනුවෙනුයි ඔහු පවසන්නේ.

කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව කියා තිබුණේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...