*
Sunday, June 16, 2024
spot_img

Latest Posts

වෛද්‍ය මයියා සැත්කමකින් ඔලිම්පික් බලය කපා ඉවත් කරන්නට යාමෙන් පැරිස් අහසට සිංහයා නැති විය හැකි අවදානමක්….?

සටහන – නිශ්මං රණසිංහ

මැයි 22, කොළඹ (LNW): ක්‍රීඩාව සම්බන්ධ ඉහළ වගකීම් පැවරෙන කමිටුවල සිටින ඇතැම් අයට අවශ්‍යය වන්නේ ඇමති විසින් පවරන බලය ඉහළින් තබාගෙන එහි නියෝජිතයන් හැටියට සර්ව බලධාරී හැසිරීම්වල නිරත වෙමින් සමස්ත ක්‍රීඩා පරිපාලනය තමන්ගේ අණ අනුව ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කිරීමටය.මෙහි ප්‍රතිපල අපි පසුගිය දිනවල දුටුවෙමු.ඒ රොෂාන් අමාත්‍යවරයාගේ අවධියේ ය.ඇමතිවරයා සර්ව බලධාරී කිරීමට ගිය සහ ඒ වෙනුවෙන් පසුපස සිටි උපදේශක බලකාය රොෂාන් රණසිංහට ඇමතිකමත්,ශ්‍රී ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා තුනක් දේශපාලන බලපෑම් මත තහනම් කිරීමත් එහි අවසාන ප්‍රතිපලය බවට පත් කළේය.


වඩා ප්‍රායෝගිකව ඒ දෙස බලා සිට ඇමති තනතුරුට පත් හරින් ප්‍රනාන්දු පරිස්සම්සහගතව සිය ඇමති පෙනය සඟවා ගෙන ක්‍රීඩා පරිපාලනවල ස්වාධීනත්වය රැක ගැනීමටත්,යම් ගැටළුවක් ඇති වූ විට ඒවාට මුහුණදීම වඩා සංයමයෙන් සහ විනයකින් යුතුව කරන්නට සූදානම් වන බව පෙනෙන්නට ඇත.තනි තීරණ ගැනීමේ බලය වෙනුවට සාමුහිකව කෙරෙන පරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් වැඩ කරන්නටත්,සිය බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත් කිරීමටත්,ක්‍රීඩා සංගම්වල පරිපාලනය වඩාත් ස්වාධීන කිරීමටත් උත්සාහ ගනිමින් සිටින මොහොතක,මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටුව සිඳු කරමින් සිටි ක්‍රියා පරිපාටි සංශෝධනය කරමින් සහ ඒවා නීත්‍යාණුකූල නොවන බව කියමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගුණසේකර ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියක් යොමු කර ඇත.


එහිදී අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ක්‍රීඩාවේ නිසි බලධාරියා අමාත්‍යවරයා බවත්,ඒ නිසා තේරීම් සම්බන්ධ අවසාන තීරණ ගැනිම අමාත්‍යවරයාගේ නියෝජිතයෙක් හැටියට තමන්ට තිබිය යුතු බවත්ය.මයියා ගුණසේකර වෛද්‍යවරයා මේ අසනීපය බරපතල විදිහටම තිබුණු රොෂාන් රණසිංහ යටතේ ද වගකීම් එකකට වඩා දැරූ කෙනෙකි.ඒ රටාව දැන් හරීන් ප්‍රනාන්දු යටතේ ද ක්‍රියාත්මක කිරීම ඔහුගේ අපේක්ෂාවය.
එක්තරා මොහොතක රගර් ක්‍රීඩාව සමග සමීප වෛද්‍ය මයියා ස්ථාවරකරණ කමිටුව ගෙන එමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය ශ්‍රී ලංකාවේ රගර් කණ්ඩායමට අහිමි වන්නට යද්දී,ක්‍රීඩා ඇමතිවරයා සමහ එකට සිටි ආසියානු සභාපතිවරයාව ඊට එකඟ කර ගන්නට අපොහොසත් විය.රගර් ලෝලියෙක් ලෙස වෛද්‍ය මයියා ද ඒ මොහොතේ රගර් ගැන උනන්දු වෙමින් ආසියානු නියෝජනයට පාර සකසන්නට උත්සාහ කළ ද,ආසියානු සභාපතිවරයාගේ උවමනාවට ශ්‍රී ලංකාව නොමැතිව තරග කාල සටහන පවා සැකසූ බව මතක තිබිය යුතුය.එහෙත් අවසානයේ ආසියානු ක්‍රීඩා උළෙලේ බලධාරියා ආසියානු ඔලිම්පික් ආයතනය බව පවසමින් ශ්‍රී ලංකා ඔලිම්පික් ආයතනයේ ඉල්ලීමට කටයුතු කළ ආකාරය වෛද්‍ය මයියාට මතක තිබිය යුතුය.


මේ වන විට ඔලිම්පික් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මයියා ගුණසේකරයන්ට ලිපියක් ලියමින් ඉල්ලා සිටින්නේ නැති ප්‍රශ්න නිර්මාණය නොකරන ලෙසය.ඔහු පෙන්වා දෙන්නේ ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමට වෛද්‍ය මයියා ගුණසේකර උත්සාහ කරන බවය.එසේම පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං ඉසව් සංවිධානය කිරීම ගැන උදාහරණයක් ගෙන පවසමින් එය ජාත්‍යන්තර බොක්සිං සංගමයට නොපවරා,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙහෙයවන්නට තීරණය කර තිබෙන බව ද දක්වා ඇත.


වැදගත්ම කාරණය වෛද්‍ය මයියා ගුණසේකර මෙන්ම සුරේෂ් සුබ්‍රමනියම් ද අමාත්‍යවරයා විසින් ක්‍රීඩාවට අදාළව පත් කරන ලද ඉහළ කමිටුවල එකට වැඩ කරන දෙදෙනෙක්ය.එවැනි තත්ත්වයක ජාතික ඔලිම්පික් කමිටුවට ලිපි ලියන්නට පෙර යම් යම් නමනීය තත්ත්වයන් සාකච්ඡා කිරීම එක මේසයේ කිරිමට හැකියාව ඇත්තේය.එහෙත් මෙහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස එහි ලිපි ශිර්ෂයක් යොදා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුව ඇමතීම යම් කිසි අධිකාරි බලයක් තමන් සතු බව පෙන්වීමේ උවමනාව ප්‍රදර්ශනය කිරිමකි.
ක්‍රීඩා පණතේ අමාත්‍යවරයාගේ බලය පෙන්නීමට ගොස් වෛද්‍ය මයියා ගුණසේකර උපදේශකයෙක් ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය නැති වීමටත් වඩා රටේ ක්‍රීඩා තුනක් තහනම් වූ බව අපි නැවත නැවතත් සිහි කරන්නෙමු.ඒ ක්‍රමය ඇතුළේ රටක ක්‍රීඩා සංගමයකට එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර සංවිධානයේ හැඩය සමඟ එකතුවන අනන්‍යතාවය ක්‍රීඩා පණතින් වෙනස් කළ නොහැකි බව තේරුම් ගන්නේනම් වෛද්‍ය මයියා ගුණසේකරට මේ මොහොතට බුද්ධිමත් උගතෙක් ලෙස මුහුණ දීමේ හැකියාව ලබනු ඇත.


වාහනවල ගමන නිවැරදිව නිශ්චිතව යන්නට රිවස් කිරීම ද භාවිතා කළ යුතුය.එසේ නොවන තැන්වලදී ඉදිරියට ගොස් අනතුරුවලට මුහුණ දෙන්නට සිඳු විය හැකිය.ඒ නිසා වරදක් වී ඇතිනම් එය නිවැරදි කර ගන්නට නොගොස් ගැටුම් නිර්මාණය කර ගැනීම දුර්වලකමකි.


වෛද්‍ය මහියා ගුණසේකර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ නිපුනයෙක්ය.ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ඔහු සැත්කම් මඟින් වෙන් කිරීම් ද,එකතු කිරීම් ද කරන බව නොරහසක්ය.දැන් ක්‍රිඩාවට අවශ්‍යය එම සංගම්වල ස්වාධීනත්වය සුරැකෙන පරිදි කරන වැඩ සටහන්ය.ඒ නිසා ක්‍රීඩාවේදී වැදගත් ඉවත් කිරීම් නොවේය. බද්ධ කිරීම්ය.වෛද්‍ය මයියා ගුණසේකර වැඩි කාලයක් සිය ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ ජීවිතයේ ක්‍රීඩාවක පාලනයට පිවිස සිටින්නේ ඇමතිවරයෙක්ගේ පත් කිරීමකින්ය.
අතුරු කමිටුවක කුමන ආකාරයක තනතුරක් හෝ එසේත් නැත්නම් මේ මොහොතේ ඔහු සිටින ආකාරයට අමාත්‍යවරයෙක්ගේ පත්වීමේ වගකීමක් ආකාරයෙන් වෛද්‍ය මයියා ගුණසේකරට බොහෝ විට ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වූ ආකාරය නිසා,අලකලංචි ගොඩක් මැද්දේ ක්‍රීඩා පණතේ බලය ඇමති අත හරිමින් සිටින තැනකදීත් වෛද්‍යවරයාට දැනෙන්නේ තමන්ව පත් කළ ඇමතිවරයාට වඩා කෙනෙක් ක්‍රිඩාවේ නොසිටිය යුතු බවද?


ඔහු සිතන්නේ පත් කළ නියෝජිතයින් ලෙස තමන් සර්ව බලධාරී වී ඇමතිවරයා වෙනුවෙන් ක්‍රිඩා පරිපාලනයකට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට වඩා ඇමතිවරයාට මුල් තැන දී කටයුතු කළ යුතු බවද?
ක්‍රීඩාවේ වැරදි සැත්කම්වලින් වැළකෙන්න.අපි වෛද්‍ය මයියා ගුණසේකරගෙන් ඉතා ඕනැකමෙන් ඉල්ලා සිටිමු.මේ මොහොතේ වැදගත්ම දේ එකට එක්ව වැඩ කරන නිලධාරීන් දෙදෙනෙක් ලෙස ජාත්‍යන්තරය සහ ලංකාවේ දේශපාලනය පැටලෙන විදිහට වැඩ කර ශ්‍රී ලංකාවට ජාතික ධජයවත් රැඟෙන යා නොහැකි ලෙස ජාත්‍යන්තර වාරණයකට පිවිසීමට පාර සකස් කිීම නොවන බව අපි අවධාරණයෙන් කියා සිටිමු.මීට පෙර ද අපි ක්‍රිකට්,රගර් මෙන්ම පාපන්දුවලට අත්වන ඉරණම ද දුර තියා කීවෙමු.එහෙත් එවකට සිටිය අමාත්‍යවරයාටවත්,ඔහුගේ පත් කිරීම්වලින් ක්‍රීඩාව පරිපාලනයට උදව්වට ගත් වෛද්‍ය මයියා වැනි පිරිස් ද එය නොතකා හැරියහ.


මේත් එවැනිම මොහොතකි.එක ලඟ එකම රැස්වීමේ ඉඳගන්න අවස්ථාව තිබෙන මොහොතක,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නම්‍යශීලී කර ගඅනීමට සහ සංවේදී කර ගැනීමට අවශ්‍යය පසුබිම සකසා නොගෙන වෛද්‍ය මයියා ගුණසේකර මේ ආකරයට තමන්ගේ බලාශාව පෙරට ගෙන එමින් කටයුතු කරන්නට ගියහොත් සමහර විට පැරිස් නගරයේ සිංහයා ඉහළට නොනැඟී තිබෙන්නට ඉඩ ඇත.රුසියාව වැනි දැවන්ත රාජ්‍යයද ඒ ආකාරයට වාරණය කරන්නට තරම් ශක්තිමත් ව්‍යහුයක් ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රඥප්ති සම්බන්ධයෙන් “මෙහාට වැඩක් නැහැ,අපි කරන්න ඕනි ඇමතිතුමා කියන දේ” වැනි අදහසකින් හැසිරෙන්නට යාම ඉහළම මට්ටමේ වෘත්තිකයෙක් ලෙස ද වෛද්‍ය මයියාගෙන් අපේක්ෂා කරන්නට නොහැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan