විගණකාධිපති තනතුර සඳහා ජනපති අනුර නිර්දේශ කළ නම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේපයි !

සටහන – රුවන් නෙළුගොල්ල

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නම එම සභාවේ වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර එවා තිබුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන එච්. ටී. පී. චන්දන යන අයගේ නමයි.

ඔහු සම්බන්ධයෙන් පෙරේදා (20) දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟත්වයක් පළ නොවූ බැවින් ඊයේ (21) දිනයේදී එම සභාව යළි රැස්වී ඒ පිළිබඳව සලකා බලා ඡන්ද විමසීමක් සිදුකර තිබිණි.

එහිදී ජනාධිපතිවරයා නිර්දේශ කළ නමට පක්ෂව ඡන්ද 3කුත් විපක්ෂව ඡන්ද 5කුත් ලැබී ඇති බව සඳහන්. එම සභාවේ එක් සාමාජිකයකු පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

මෙම තනතුරට සුදුසුකම් ලැබූ විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරියකු සිටියදී පිටතින් පුද්ගලයකු විගණකාධිපති තනතුර සඳහා පත්කිරීමට උත්සාහ කිරීම පසුගිය දින දෙකේදීම විපක්ෂයේ විවේචනයට ලක්ව තිබිණි.

කෙසේවෙතත් මේ තත්වය හමුවේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව මේ දක්වා දින 42ක් විගණකාධිපති තනතුර පුරප්පාඩු වී පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...