දිලිත්ගේ මන්ත්‍රීලාත් පුනරුදයට ගන්න හොරෙන්ම සාකච්ඡා : දිලිත්ටත් ඕනෙ නම් එකතු වෙන්න පුළුවන් – ඇමති වසන්ත

Date:

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ පළාත් පාලන ආයතන සභිකයින් සමග ද ජාතික ජන බලවේගය සාකච්ඡා පවත්වමින් සිටින බවත් සිදුවන්නේ කුමක්ද කියලා එම සභාවල බලය පිහිටවූ පසු දිලිත් ජයවීර මහතාට ද දැකගැනීමට හැකිවනු ඇති බවත් වෙළඳ, වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“මේගොල්ලො දැන් මේ අඬවැඩියාව ගේන්නෙ නිකම් නෙවෙයි. දැන් ඒගොල්ලො ගහපු සැලසුම් ඔක්කොම අසාර්ථකයි. මුළු විපක්ෂයම එකතු කරලා පෙන්නුවා පළවෙනියාට වඩා ඒගොල්ලොන්ට කට්ටිය ඉන්නවා කියලා. හැබැයි දැන් ඒ විපක්ෂයේ එකතුවෙනවා කියලා හිතන් හිටපු, එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂය ලෙස ජාතික ජන බලවේගයට වැඩිය එළියෙන් හිටපු බොහෝ කණ්ඩායම් දැන් ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙන්න හදනවා. ගෙවල් ගානෙ ගිහිල්ලා ඔබතුමන්ලාට බැරිවුණාට අපේ ඔෆිස්වලට ඇවිල්ලා ඒගොල්ලො එකතුවෙන්න අහන්නෙ ස්වාධීන කණ්ඩායම්. ඕගොල්ලො ගෙවල්වලට ගිහිල්ලා ගේන්න බැලුවාට අපේ ඔෆිස් එකට ඇවිල්ලා තමයි ඒගොල්ලො අහන්නෙ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා වැඩකරමු කියලා. කොළඹ මහ නගර සභාව හදන්න අපි වැඩකරමු කියලා.

ඔයාත් එනවාද ? දිලිතුත් ඕනෙ නම් එකතු කරගන්න. දිලිත් ඕනෙ නම් කතා කරන්න එන්න. දිලිත් මන්ත්‍රීතුමාගෙත් සමහර මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා. මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා මන්ත්‍රීතුමා. ඒ නිසා ඔබතුමා බලාගන්නකො හැදුවාට පස්සෙ වෙන්නෙ මොකද කියලා …”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...