තත්ත්වයෙන් බාල පොහොර සොයා පරීක්ෂණ දැඩි වෙයි!

Date:

කොළඹ LNW:ව්‍යාජ ලෙස සකස් කොට බෙදා හරින ලද යූරියා පොහොර, තොග වෙළඳ සැල් වෙත ලැබී ඇත්දැයි සිදුවන දීප ව්‍යාප්ත පරීක්ෂාවේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ විය.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත ඒකකයේ මැදිහත්වීම මත මහනුවර, මිනිපේ, හසලක, ගම්පොල, නාවලපිටිය සහ මාරස්සන ඇතුලු ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කොට මෙම පරීක්ෂා කිරීමේ දියත්වේ.

සියයට විසි එකක (21%) නයිට්‍රජන් පවතින පොහොර තොගයක් සියයට හතළිහක (40% ) නයිට්‍රජන් ඇති බව සඳහන් කරමින් ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනය මළුවලට බහා පොහොර අලෙවි කිරීමක් පිළිබඳව සිදු කරන ලද වැටලීමක් අනුව දීප ව්‍යාප්තව මෙම පරීක්ෂා කිරීම් සිදුවේ.

ඒ අනුව ලබා ගන්නා ලද සාම්පල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීම ද මහනුවර ඒකකයේ මැදිහත්වීම මත සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.ඩබ්ලියු.ජී.ආනන්ද මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් තිදෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක මෙහෙයවීමෙන් මෙම පරීක්ෂා කිරීම් ක්‍රියාත්මකය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...