හැව්ලොක් නිවාස සංකීරණයෙන් සොයා ගත් රන් ආලේපිත ගිනි අවිය දුමින්ද දිසානායකගේ ?

කොළඹ LNW:වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ හැට අට හැවිරිදි කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී සොයාගත් රන් ආලේපිත T56 ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී දේශපාලඥයෙකුගේ බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන එම දේශපාලනඥයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා එය සඟවා තබන ලෙස උපදෙස් දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එම ගිනි අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි හැට අට හැවිරිදි කාන්තාව වෙත ගෙනවිත් භාරදුන් හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (21) අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබුණි.

එම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි හැට අට හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙක් වන අතර එම කාන්තාව මෙම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම බෑගය මාස හයක් තිස්සේ එම කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන ඇති අතර ඒ අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදී වන අතර පසුව ඔවුන් ඒ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීනපන්නයේ T56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.

වාර්තාවන අන්දමට එම ගිනි අවියේ හිකාරීත්වය තිබූ තැනැත්තා පිළිබඳව පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති හෙයින් එම අවිය කුමන හේතුවක් නිසා මෙසේ සඟවා තැබුවේද? ඒ අවියෙන් කුමන හෝ අපරාධයක් සිදු කර ඇත්ද යන්න විමර්ශන පැවැත්වෙන බව සඳහන්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී තොරතුරු වාර්තා වුණේ එම ගිනි අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට අයත් එකක් බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...