ඉන්දීය රජයෙන් ජනතාවට සහන – ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල පහත දමයි !

Date:

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන්ධන මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.50 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් පහත වැටී තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසන්නේ ඉන්ධන මිල පහත හෙළීම හරහා ඉන්දීය රජයට රුපියල් ට්‍රිලියනයක පාඩුවක් සිදුවන බවයි.

මේ අතර ගෑස් පාරිභෝගිකයන්ටද සහන ලබා දී තිබේ. ඒ අනුව වසරක් තුළදී රුපියල් 200 බැගින් වූ සහනයක් මත ගෑස් සිලින්ඩර් 12 ක් මිලදී ගැනීමේ හැකියාව ඉන්දියානුවන්ට හිමි වේ.

මෙම සහනාධාරය හේතුවෙන් ඉන්දීය රජයට අහිමි වන මුදල ඉන්දීය රුපියල් බිලියන 61 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...