ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ජයගත් ශ්‍රී ලාංකික තරුණිය – කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු

Date:

ඊයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක ලිබරල් පක්ෂය පරාජයට පත්කළ ලේබර් පක්ෂය එරට මීලඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානමින් සිටිනවා. ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔහු සිය නිවස අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ එකම ජාතියක් ලෙස ඔස්ට්‍රේලියාව ලොව ශක්තිමත් රටක් බවට පත් කිරීම තම අරමුණ බවයි. පුද්ගලයන් බෙදා වෙන් කිරීමෙන් කිසිදු රටකට ඉදිරියට යා නොහැකි බවද ඔහු පවසා තිබෙනවා.

මේ අතර පළමුවරට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයෙකුට හිමිව තිබෙනවා.

ලේබර් පක්ෂයෙන්, මෙල්බර්න්හි හෝල්ට් ආසනය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක වන කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම ආසනය ජයග්‍රහණය කර ඔස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. කැසෙන්ඩ්‍රා හමුවේ පරාජයට පත් වූ ලිබරල් පක්ෂ අපේක්ෂකයාද ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයකි. ලිබරල් පක්ෂ අපේක්ෂක රංජ් පෙර්රා මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් 42.3% ක ප්‍රතිශතයක් ලබා ගනිද්දී කැසෙන්ඩ්‍රා 57.7% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඇයි ලබාගෙන ඇති වැඩි ඡන්ද ප්‍රමාණ්‍ය 10,408 කි.

1988 වසරේදී ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා 1999 වසරේදී සිය මව්පියන් සමග ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර එහිදී උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

ඇය ලේබර් පක්ෂයේ දක්ෂිණාංශික කොටස නියෝජනය කරයි. හෝල්ට් ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ඇන්තනි බර්න් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් කැසෙන්ඩ්‍රාට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව හිමි වූ අතර වාමාංශික ලේබර් පාක්ෂිකයන් බහුතරයක් සිටියදී ඇය අපේක්ෂකත්වය දිනා ගැනීමද විශේෂත්වයකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...