වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න …

Date:

මැයි 9 පුපුරාගිය ලාංකික විප්ලවීය මොහොත අවසන් බල හුවමාරුවක් දක්වා ගමන් කළේ නැහැ. නමුත් ඒ මොහොත සිමියුලේක්රම් කරලා රනිල්ගේ අවතාරය බලය ලබා ගත්ත. ලාංකික වම විප්ලවීය මොහොතක් සඳහා සහ ඒ ඔස්සේ සිදුවන බල විතැන්වීමක් වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ. හැබැයි රනිල් සුදානම් වෙලා හිටිය. දැන් රනිල්ට බැනල වැඩක් නැහැ. දැන් කරන්න ඕනි මෙතැනින් පස්සේ වැඩ කරන්නේ කොහොමද කියල හිතා බලන එක.

රනිල් බලය ගත්තේ දේශපාලන නිරවද්‍ය විදියට නොවෙන්න පුළුවන්. හැබැයි බලය කියන්නේ පොඩි මැකියාවෙල්ලියානු ගතිකයක් තියන දෙයක්. බලය ගන්න ඕනි හරිම විදිය මේක කියල පොතක කොහේවත් ලියල නැහැ. ඒක හදිසි ආපතික මොහොතක්. ග්‍රහණය කර ගන්න ඕනි. බලය ගන්න ඉස්සර තත්වය සහ ගත්තට පස්සේ තත්වය වෙනස්.

රාසමනික්කම් දේශපාලන ආචාරධර්ම වගේ තැනකදී හරි වෙන්න පුළුවන්. හැබැයි බලය කියන්නේ එහෙම සනීපෙට, කතිකා කලාපෙක විතරක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බල හුවමාරුව එහෙම සනීප සුවපහසු දෙයක් නම් ‘විප්ලවය’ වගේ වචනයක් වෙනුවෙන් ලෙනින් ල, මාවෝ ල, චේ ල ඔච්චර කට්ට කන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ ලස්සනටම කතා කරන කෙනාට බලය එනවා කියල කොහෙවත් නියමයක් ඇත්තේ නැහැ. එන්නත් පුළුවන්. නොඑන්නත් පුළුවන්. වෙන කෙනෙක් උදුරා ගන්නත් පුළුවන්.

බල හුවමාරුවක් එක්ක සමාජය කොහොමත් තරමක් පස්සට යනවා. දැන් වෙලා තියෙන්නෙත් ඒක. පෝලිම් නැවතිලා නැහැ පොඩ්ඩක්වත්. හැබැයි මිනිස්සු අර පරණ විදියට එළියට එන්නේ නැති වෙයි. මොකද දැන් එයාල තනි වෙනවා කියල දන්නවා. නව වෙනිදා රෑ බය නැතුව ඉස්සරහට ආපු මිනිස්සු දැන් දන්නවා සංවිධිත කියන දේශපාලන පක්ෂ එයාල සුදානම් වුන ‘හදිසි මොහොත’ (ගමන) වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ කියල.

ඒ වෙනකොට අපි කැඩිලා විසිරිලා හිටියේ. සිදුවන දේ එක්ක වික්ෂිප්ත වෙලා හිටියේ. මට සමහර වමේ නැඹුරුවක් තියෙන කෙනෙක් කිව්වා ‘මචං අපිත් බයවුණා ගෙවල් ගිණිගන්න එක දැකල’ කියල. මම නිරුත්තර උණා.

‘අනික මචං ඕ ලෙවල් විභාගේ නිසා ලොකු පීඩනයක් අපිට ආව දෙමව්පියන් ගෙන්…’ එහෙමත් කීව.

ඕ ලෙවල් විභාගේ වෙනුවෙන් විප්ලවීය මොහොතක් දැකල ආපසු දිව්ව විප්ලවවාදීන් පිරිසක් අපි….උම්මා කැටේ. ?

ඉන්දියාවෙන් තෙල් නැවක් ආව කියල මේ අර්බුදය ඉවර වෙන්නේ නැහැ. ගෑස් ටිකක් දුන්නට මේක ඉවර වෙන්නෙත් නැහැ.

මියගිය සිස්ටම් එකක් බැන්ඩේජ් කළා කියල ආයේ පණ එන්නේ නැහැ. ඒ නිසා අනාගතයේ උණත් විප්ලවීය නිමේෂයන්ගෙන් අඩුවක් වෙන එකක් නැහැ. ඒවා ග්‍රහණය කර ගන්න.

එකම දේ පොතේ තියන විදියට නම් ඒවා සිද්ද වෙන එකක් නැහැ. ඇස් ඇරගෙන ඉන්න.

වසඟයෙන් ගන්න පුළුවන් නම් වසඟයෙන් ගන්න. වසඟයෙන් ගන්න පුළුවන් තැන ආයේ යුද්ද කරන්න ඕනිත් නැහැ. එහෙම කිව්වේ මැකියාවෙල්ලි. රනිල් අගමැතිකම ගත්ත දවසෙම ඒක මගේ වෝල් එකේ දැම්මා.

May be an image of 1 person

Image@ Comrade Yola

  • මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...