දැන්වත් රන්ජන් නිදහස් කරන්න – විපක්ෂ නායකයා යළිත් ඉල්ලයි (Video)

0
1472

රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වරක් රන්ජන්ම ප්‍රකාශ කළ පරිදි ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලි’ යන ප්‍රකාශය මේ මොහොතේ නැවත සිහිපත් වන බව කී විපක්ෂ නායකයා උන්ගේ යාළුවෙකු නොවුණු නිසා රන්ජන් තවමත් සිරගතව හිඳින බවද සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතාද එක්ව සිටියේය.

UN