රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :
ජාතික තරුණ දිනය හෙට (23දා) යෙදී තිබේ. ඒ අනුව ජාතික තරුණ දිනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කරන පාගමන් සහ රැළි 25ක් දිවයින පුරා පැවැත්වීමට නියමිතය.
“Say No – අනාගතය අහිමි කරන විෂමත්ද්රව්ය එපා” යන තේමාව යටතේ ලංකාවේ සියලුම දිස්ත්රික්කවලදී මෙම පාගමන් පැවැත්වීමට නියමිතය.
මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සහ youth Club කොළඹ දිස්ත්රික් නායකයින් සහ ජාතික සම්මේලනයේ නායකයින් සහභාගි වීමට නියමිතව ඇත. සෙසු දිස්ත්රික්කවල පැවැත්වෙන පාගමන් සඳහා ද එම දිස්ත්රික්කවල තරුණ නායකයින් සහභාගි වීමට නියමිත අතර, තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම පාගමන් සඳහා සහභාගී වීමට නියමිතය.



