ඇගලුම් කර්මාන්තය අධි අවදානමක!

Date:

කොළඹ LNW:ආර්ථිකයේ සුවිශාල වගකීමක් දරන ඇගළුම් කර්මාන්තය මේ වන විට දරුණු ලෙස කඩ වැටෙමින් තිබෙන අතර අපනයන ආදායම වේගයෙන් පහළ යමින් තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 318 ක් වන බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 526 ක ආදායම හා සසදා බැලීමේ දී 24% ක අති දැවැන්ත පහත වැටීමක් ලෙසයි දැක්වෙන්නේ.

වසරේ මුල් මාස හතර තුළද දක්නට ඇත්තේ එවැනි පහත වැටීමක් වන අතර එය පසුගිය වසරේ මුල් මාස හතර තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 17% කින් පහත වැටීමක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව 2018 අප්‍රේල් මාසයෙන් පසුව, ඇගලුම් කර්මාන්තයෙන් අඩුම ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ දීය.

මෙම කඩ වැටීමත් සමඟ මේ වන විට ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇගලුම් කර්මාන්ත ශාලා මෙහෙයුම් නතර කරන තැනට පත්ව තිබෙන අතර පසුගියදා මීපේ හයිඩ්‍රාමනි ආයතනයද සිය මෙහෙයුම් නතර කළේ 1080කට පමණ රැකියා අහිමි කරමිනි.

පසුගිය අප්‍රේල් මස එක්සත් ජනපදය සදහා සිදුකර තිබෙන ඇගලුම් අපනයනය 25.5% කින් පහත වැටී තිතිබෙන බවත් යුරෝපීය වෙළද පොළට සිදුකර තිබෙන අපනයන ප්‍රමාණය 27.53 කින් සහ එක්සත් රාජධානියට සිදුකර තිබෙන ඇගලුම් අපනයන ප්‍රමාණය 26.7% කින් පහත වැටී තිබෙන බවත් සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...