පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට

Date:

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

එම මහා සභා රැස්වීමේදී මහලේකම් ධුරයට පිලිපීන ජාතික පිලි කෝරා මහත්මියත් භාණ්ඩාගාරික ධුරයට තායිලන්ත ජාතික පී.සකූල් මහතාත් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දුනීසියා, මියන්මාර, මොංගෝලියාව, මාලදිවයින හා නේපාලනය නියෝජනය කරමින් සාමාජිකයින් තේරීපත්විය.

ඒ අනුව 2026 වසරේ මැයි මාසය දක්වා ඒ මහතා එම ධුරය දරනු ඇත. රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක කාලයක් කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...