කොළඹ LNW: වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ගත් ප්රතිපත්තිමය තීරණයට ඇතැම් වතු සමාගම් එකඟ නොවීම නිසා එය ක්රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණ කිහිපයක් ගෙන තිබේ.
ජනාධිපතිවරයා විසිනුයි එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව වතුකම්කරුවන් වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීමටත්,එම ඇස්තමේන්තුගත කරන ලද වැටුප ගෙවීම පිළිබඳව වතු සමාගම් වෙත පවතින හැකියාව පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමටත් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත්වන වතු සමාගම්වල ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකිවන පරිදි නීති හඳුන්වා දීමටත් පියවර ගැනීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආශිකා බ්රාහ්මණ