*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

යුපුන් ජර්මනියේ දි ඔලිම්පික් සුදුසුකම් උරගා බලයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW): මැයි 24 දා ජර්මනියේ පැවත්වෙන Internationales Leichtathletik Meeting Anhalt තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.මේ තරගය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයේ තරගයක් වන අතර ඒ සඳහා ඉදිරිපත් වී සිටින මීටර් 100 ධාවකයින් අතරෙන් යුපුන් අබේකෝන් හොඳම කාලය වාර්තා කර ඇති තරගකරු වෙනවා.


යුපුන්ට පසුපසින් තිබෙන හොඳම කාලය හිමි තරගකරු හැටියට නයිජීරියාව නියෝජනය කරමින් මේ තරගයට සහභාගි වන එනෙච් ඇඩෙගොකේ සිටිනවා.ඔහුගේ හොඳම කාලය තත්පර 9.98 ක් වන අතර යුපුන් වාර්තා කර තිබෙන හොඳම කාලය තත්පර 9.96 ක් ලෙස දැක්වෙනවා.


යුපුන් මේ තරගාවලියේ මූලික සහ අවසාන තරග සඳහා තරග වඳින වේලාවන් ද සමඟ මෙම සටහනට අදාළ ඡායාරූපය මේ සමඟ දැක්වෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan