ඖෂධ 180 ක් හිඟයි. ඒ අතර කොවිඩ් අලුත් ප්‍රභේදයක් ඇවිත්. ඒත් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ මොහොත වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත් ඖෂධ වර්ග 180ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඇති බවත් ඊට අමතරව රෝහල් පද්ධතිය තුළ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් ඇති බවත් ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට මේ වන විටත් විසඳුමක් හෝ උත්තරයක් ලැබී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේවා ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න වුවත් අද දින ද සෞඛ්‍ය අමාත්‍යාංශය අයාලේ යන සුනඛ ගහනයක් පාලනය ගැන කිව්වත් ඖෂධ හිඟය ගැන හෝ සෞඛ්‍ය ක්⁣ෂේත්‍රය ගැන ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති බවත් මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට රජයේ උනන්දුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් නව ප්‍රභේදයක් ඇවිත්. පරීක්ෂණ කඩිනම් කරන්න

මේ වනවිට සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව හා හොංකොං යන රටවල LP 8.1 යන කොවිඩ් අනු ප්‍රභේදයක් පැතිරෙන බවත් මේ අනු ප්‍රභේදය ගැන අප රටේ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවත් මේ අනු ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් රෝහල්වල රෝග ලක්ෂණ පෙන්වන අය පරීක්ෂා කර වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

චිකන් ගුන්යා ව්‍යාප්ත වෙනවා

එමෙන්ම චිකන් ගුන්යා රෝගයේ බෝවීම නිසා බරපතළ ගැටලු මතුව ඇති බවත් අවම වශයෙන් සති 6ක් දක්වා ප්‍රතිකාර ගත යුතු බවත් මේ රෝගයේ පැතිරීමේ සම්භාවිතාව වැඩිව ඇති බවත් ඒ නිසා මේ ගැන ද පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...

නරේන්ද්‍ර මොදිගේ නව කම්කරු නීති වලට වෘත්තීය සමිති විරුද්ධ වේ; රට පුරා විරෝධතා කැඳවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නරේන්ද්‍ර මොදීගේ...

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...