ප්‍රධානතම පෙළේ සමාගමකට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක්

Date:

ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

හිඟුරාන සීනි සමාගම මේ වනවිට ගල්ඔය වැවිලි සමාගම විසින් පාලනය කෙරෙන බැවින් ඔවුන්ට මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

හිඟුරාන සීනි සමාගම යටතේ සිදුකෙරුණු මත්පැන් නිෂ්පාදන ව්‍යාපාරය මේ වනවිට වෙනත් පාර්ශ්වයක් විසින් පූගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.

ගල්ඔය වැවිලි සමාගමේ කොටස් 49%ක ප්‍රමාණයක් බ්‍රව්න්ස් සමාගම සහ LOLC සමාගම සතුවන අතර එම සමාගම් දෙකේම හිමිකරු වන්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර ය.

මෙම මත්පැන් බෝතල් කිරීමේ ව්‍යාපාර බලපත්‍රය 2009 වසරේදී ඇති කරගත් කොටස් හිමියන්ගේ ගිවිසුමේ අන්තර්ගත එකක් වන අතර 2024 වසරේදී අධිකරණ තීන්දුවක් මගින් ද යළි තහවුරු කරන ලද එකක් බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...