ශ්‍රී ල‘කා නැඟී එන ක්‍රීඩකයන් ඇන්ටිගුවාවට

නිශ්මං රණසිංහ මැයි 23, කොළඹ LNW:

ක්‍රීඩාවේ විවිධ තත්වයන් සමඟ වටිනා තරඟකාරී පරිසරයන් හී අත්දැකීම් විදීමට සැළස්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින්ව අනාගතය සඳහා සූදානම් කිරීම වෙනුවෙන් බටහිර කොදෙව් දූපත් ශි ඇන්ටිගුවා බලා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට සංචාරයක් සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.


ඒ අනුව එළැඹෙන ජූනි මාසයේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ඇන්ටිගුවා හී පැවත්වෙන නිල නොවන සිව් දින ටෙස්ට් තරග දෙකකටත්,එක්දින තරග තුනකටත් සහභාගි වීමට නියමිතය.


පහතින් දැක්වෙන්නේ එස තරග පැවත්වෙන ආකාරය ය.
ජූනි 7 සිට 10 දක්වා පළමු දින හතරේ තරඟය CCG
ජූනි 14 සිට 17 දක්වා දෙවන දින හතරේ තරඟය CCG
ජූනි 21 පළමු ඕවර 50 තරඟය SVRS
ජූනි 24 දෙවන ඕවර 50 තරඟය SVRS
ජූනි 26 තෙවන දින 50 තරඟය SVRS
ඡායාරූයේ දැක්වෙන්නේ එක්දින තරග පැවත්වෙන ඇන්ටිගුවා හී පිහිටි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය ය.( SVRS – Sir Vivian Richards Stadium)
CCG – Coolidge Cricket Ground
SVRS – Sir Vivian Richards Stadium

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...