හාවඩ් විශ්වවිද්‍යාලය විදෙස් සිසුන්ට තහනම් වේද?

Date:

කොළඹ LNW:හාවඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඔහු ඊයේ(22) හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා හුවමාරු ආගන්තුක වැඩසටහන් (SEVP) යටතේ ලබා දෙන සහතිකය අවලංගු කරමින්, මෙලෙස නව ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ ස්වදේශීය ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම් Kristi Noem මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මෙය ඇමරිකාවේ සියලුම විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතන සඳහා අනතුරු ඇඟවීමක් බවයි. ජාත්‍යන්තර සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම යම් වරප්‍රසාදයක් වුව ද අයිතියක් නොවන බවත්, හාවඩ් විශ්වවිද්‍යාලය රජයේ නීති නොපිළිපැදීම හේතුවෙන් එකී වරප්‍රසාදය අවලංගු කළ බව ඇය සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් විශ්වවිද්‍යාල පරිපාලනය මෙය නීතිවිරෝධී හා හානිකර තීරණයක් බව ප්‍රකාශ කර තිබෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සිසුන් හා විද්වතුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත්, ලොව පුරා 140කට අධික රටවලින් පැමිණි එම ප්‍රජාව විශ්වවිද්‍යාලයට මෙන්ම සමස්ත රටට විශාල දායකත්වයක් ලබා දෙන බව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කර සිටිනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී, හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයෙන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හාවඩ් විශ්වවිද්‍යාලය වෙත ලබා දෙන ෆෙඩරල් ආධාර මුදල් බිලියන 2.2 ක් සීමා කෙරුණා. එම විශ්වවිද්‍යාලයේ දත්ත අනුව, 2023 අවසන් භාගය වන විට, හාවඩ් හි සමස්ත සිසුන්ගෙන් 27%කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර සිසුන් බව ද වාර්තා වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): හුණු වලින් හැඳ...

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...

රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...

ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...