වැඩබලන විගණකාධිපතිවරයාට මාස 06ක සේවා දිගුවක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 23, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුව, වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී එච් ඩී ධර්මපාල ගම්මන්පිල මහතාට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (22) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

කෙසේ වෙතත් එම අනුමැතිය ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා වැඩබලන විගණකාධිපතිවරයාට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට විරෝධය පළ කර ඇති අතර ඔවුන් එහිදි පවසා ඇත්තේ කඩිනමින් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කළ යුතුය යන පදනම මත ඔවුන් එම විරෝධය සටහන් කර ගන්නා ලෙසයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා කොන්දේසිවලට යටත්ව එම සේවා දිගුව ලබා දීමට එකඟතාව පළ කර ඇත.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ කඩිනමින් විගණකාධිපති ධුරයට ස්ථිර පත්වීමක් කළ යුතු බවයි. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආදම් බාවා සහ එස් ශ්‍රීධරන් එම යෝජනාවට එකඟතාව පළ කර ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) සිට බලපැවැත්වෙන...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!

කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...

රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...