ඇමරිකන් – ඊශ්‍රායල් යුද උන්මාදයට දරුවන් බිලි නොදෙනු – කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ඇමරිකන් – ඊශ්‍රායල් යුද උන්මාදයට දරුවන් බිලි නොදෙන ලෙස බලකරමින් අද (23) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

YOUTH FOR CHEnge සහ Free Women සංවිධාන විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව ගෙන යන යුද්ධය වහා නතර කිරීමට මැදිහත්වන ලෙසයි එහිදී බලකෙරුණේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී පලස්තීනයට සහය දක්වමින් ඔවුන් විරෝධතා සංවිධානය කරන ලදී.

2023 ඔක්තෝම්බරයේ සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීනුවන් 53700කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායලය විසින් ගෙන යන මෙම ජන සංහාරය නැවත්වීම වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාව ලෙස එක්විය යුතු බවද විරෝධතාවේදී අවධාරණය විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්