දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට මෝසමක්

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයට අදාළව බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ගයානි දිල්රුක්ෂි යන අය වෙනුවෙන් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම මෝසම අද (23) උදෑසන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙම සිදුවීමට අදාළව සෙසු සැකකරුවන් රැසක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබියදීත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඔවුන් වෙනමම පිළිවෙතක් අනුගමනය කිරීම පසුගිය සතියේදී කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ ද දැඩි අප්‍රසාදයට හේතු වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...