මිලියන ගාණක් පොලු තියපු රඹුක්වැල්ලට ජල සම්පාදනේ දුන්නා වගේ !

Date:

කැබිනට් මණ්ඩලයේ පුටු පිරවීමේ තෙවැනි අදියර අද ක්‍රියාත්මක විය. මීට පෙර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන් වහාම ඇමතිවරුන් 04 දෙනෙකු පත්කළ අතර ඉන්පසු තවත් ඇමතිවරුන් 09 දෙනෙකු දිවුරුම් දුන්නේය.

අද ඇමතිවරුන් 08 දෙනෙකු දිවුරුම් දුන් අතර කෙසේ නමුත් අමාත්‍යංශ කිහිපයක් තවමත් හිස්ව තිබේ. මුදල් අමාත්‍යංශය සඳහාද තවමත් ඇමතිවරයෙකු පත්කර නොමැත.

ඒ අනුව කැබිනට්ටුව පිරවීමේ අදියර කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා පළවූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිභෝජනය කළ ජලය වෙනුවෙන් ජලසම්පාදන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 02 කට ආසන්න බවයි.

එසේ තිබියදී ජලසම්පාදන මණ්ඩලය ඇතුළත් ජලසම්පාදන අමාත්‍යංශය ඔහුටම පවරා ඇති අතර ඇතැම් විට ඒ සඳහා, රුපියල් මිලියන ගණනක පොලු තැබීම ප්‍රධාන සුදුසුකමක් වූවා විය හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...