කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)

සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ, අද (23) 43 සේනාංකය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී ජුනි මස පළමු සතියේ පාර්ලිමේන්තුව ආරම්භයේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, ස්වාධීන/බලතල සහිත මැතිවරණ කොමිසමක් ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම මෙන්ම විදෙස් පුරවැසියන්ට රටේ පාලන තනතුරුවලට පත්වීමට ඉඩ නොතැබීම යන කොන්දේසි රජය විසින් සැපිරිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම පවතින අර්බුදයන්ට විසඳුම සෙවීමට නම් ප්‍රථමයෙන් දේශපාලන නිලධාරී පත්වීම් අහෝසි කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...