රියදුරු පාසල් හිමියන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

2016 වසරේ සිට රියදුරු පුහුණු උපදේශක විභාගය සහ 2022 වසරේ පැවැති රියදුරු පුහුණු උපදේශක සහකාර විභාගය සමත්ව ඇති අයට මේ මොහොත වන තුරු රියදුරු උපදේශක බලපත්‍ර ලබා දී නොමැති බවත් එම නිසා ඔවුන්ට රියදුරු පාසල් පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අය මේ සිදු කරන්නේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් හා ව්‍යවසායකත්වයක් බවත් මෙය රජයට බරක් නොවන දෙයක් නිසා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම රියදුරු පාසල් සඳහා බස්රථ ලබා ගැනීමේ දී ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී පළාත් මඟින් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා රියදුරු පාසල් හිමියන් අපහසුතාවට පත්ව ඇති බවත් එසේ ම රියදුරු පාසල් නියාමනයේ දී මෝටර් රථ පරීක්ෂකවරුන්ට ලබා දී ඇති අසීමිත බලය මෙම රියදුරු පාසල් හිමිකරුවන්ට හිරිහැරයක් වන සේ භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද නීත්‍යානුකූල නොවන අන්දමින් පවත්වා ගෙන යන රියදුරු පාසල් ඇති බවට වාර්තා වන බවත් එවැනි දෙයක් සිදුවුවහොත් රජයට ලැබෙන ආදායම් අහිමි වන නිසා මේ ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...