(VIDEO):අලුත් පනත්වලට විරුද්ධ වෙලා රට විනාශ කරන්න එපා.අපිට නම් බැහැ ආපහු ඒ වගකීම ගන්න – ඇමති බන්දුල

Date:

කොළඹ LNW:අලුත් පනත් කෙටුම්පත්වලට විරුද්ධ වී ඒවා සම්මත කරගැනීමට සහය නොදෙන්නේ නම් කවුරු රට භාරගත්තත් සති දෙකකට වඩා ආණ්ඩු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ආර්ථික පරිවර්තන පනත වැනි නව පනත් ගෙන එන්නේ රට කළමනාකරණය කරන්නේ කෙසේද කියන එක ගැන ජාතියේ එකඟතාව පාර්ලිමේන්තුව මඟින් ලෝකයට පැවසීමට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදේශ ණය ආධාර හා අනෙකුත් ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීමට හැකි වන්නේ එවැනි එකඟතාවක් පෙන්වීමට හැකි වුවොත් පමණක් බවද ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙම පනත් සම්මත කරගැනීමට සහය නොදක්වන අය නැවත රට ගිනි ගෙන විනාශ වීම පිළිබඳ වගකීම පුද්ගලිකවත් සාමූහිකවත් ගත යුතු බවත් නැවත එහි වගකීම භාර ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...