නිළි රැජින මාලිනී සමුගනී …!

Date:

හෙළ සිනමාවේ නිළි රැජින වශයෙන් විරුදාවලී ලද මාලිනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම ඒ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඇය 78 වැනි වියේ පසුවූවාය.

1947 අප්‍රේල් 30 වනදා කැළණිය ප්‍රදේශයේදී උපත ලද මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා සිනමාවට පිවිසෙන්නේ 1968 වසරේදී “පුංචි බබා” චිත්‍රපටයෙනි. ඉන් අනතුරුව ගතවූ දශක පහක පමණ කාලය තුළ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට ගණනාවක් ඇතුළු සමස්ත චිත්‍රපට 140 ක පමණ රඟ පෑ ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය සැපයූවාය.

ශ්‍රී ලංකාව තුළ අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍රවූ මාලිනී ෆොන්සේකා මහත්මිය අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර සම්මාන ද ලබා ඇත.

2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වශයෙන් පත්වූ ඇය 2015 දක්වා පාර්ලිමේන්තුව ද නියෝජනය කළා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...