අද (24) දවසේ තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 24) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...