මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට පැවැත්වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර මේ වනවිට එහි නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී.
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිවිසුම ඉදිරිපිට විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබෙනු ද දක්නට ලැබේ.
RN
සබැඳි පුවත් –